AFC Banner
Empty Ad
Empty Ad

විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ලබන සඳුදා සිට (22) සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් 150කට පමණක් විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සිය සේවා සපයන බව එම අමාත්‍යාංශය නිවේදනය කරනවා.

එම අංශයේ විද්‍යුත් සත්‍යාපනය කිරීමේ පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් පසුගිය සතිය තුළ සහතික කිරීමේ කටයුතුද අඩාල වී තිබුණා.

ඒ තුළින් සිදුව අපහසුතාවය පිළිබඳව විදේශ අමාත්‍යාංශය සිය කණගාටුව පලකරන අතර වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා 0112- 338812 අංකයට ඇමතන ලෙසත් දැනුම් දෙනවා.

එම නිවේදනය පහතින්…

“විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ විද්‍යුත් ලේඛන සත්‍යාපනය කිරීමේ පද්ධතියේ (e-DAS) බිඳවැටීමක් හේතුවෙන්, පසුගිය සතිය තුළ සහතික කිරීමේ සේවා අඩාල වූ අතර සේවා සැපයීමේ දී දිගු ප්‍රමාදයක් ඇති වූ බව කාරුණිකව දන්වා සිටිමු. මීට අමතරව ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවල සහ විදේශයන් හි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ශාඛා ලේඛන සත්‍යාපනය කිරීමේ පද්ධතියට ද බලපෑම් එල්ල වී ඇත. මේ සම්බන්ධයෙන් මහජනතාවට සිදු වූ අපහසුතාවය පිළිබඳව විදේශ අමාත්‍යාංශය සිය කනගාටුව පළ කර සිටියි.

මෙම ගැටළු නිරාකරණය කිරීම සඳහා අමාත්‍යාංශයේ තාක්ෂණික කණ්ඩායමක් මේ වන විට කටයුතු කරමින් සිටියි. එබැවින් මෙම තත්ත්වය යටතේ ලබන සඳුදා දින (2021.11.22) සිට සේවා අපේක්ෂාවෙන් පැමිණෙන පුද්ගලයන් 150 දෙනෙකු සඳහා පමණක් කොන්සියුලර් කටයුතු අංශය විසින් සිය සේවා දෛනිකව සපයනු ලැබේ.

මෙම ගැටළු නිරාකරණය කිරීමෙන් අනතුරුව සහතික/ලේඛන සත්‍යාපනය කිරීම සම්බන්ධයෙන් වන සාමාන්‍ය සේවා අඛණ්ඩව සලසා දීමට හැකි වනු ඇත. පද්ධති නඩත්තුව අවසන් වූ වහාම යාවත්කාලීන කිරීම් පිළිබඳව මහජනතාව දැනුම්වත් කරනු ලැබේ. තොරතුරු ලබා ගැනීම සඳහා දූරකතන අංක 011- 2338812 හෝ [email protected] යන විද්‍යුත් ලිපිනය ඔස්සේ කොන්සියුලර් කටයුතු අංශය සමඟ සම්බන්ධ විය හැකි ය.”

Capture 31
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?