විදේශයන්හි රැකියා කරන්නන්ගේ ගැටළු විසඳීමට විශේෂ කණ්ඩායමක් – අගමැති

ඕමානය ඇතුළු විදේශයන්හි රැකියා නියතු ශ්‍රී ලාංකිකයන්ගේ ගැටළු ජාතික ප්‍රශ්නයක් ලෙස සලකා එම පැමිණිලිවලට විසඳුම් ලබාදීමට විශේෂ කණ්ඩායමක් යොමු කර ඇති බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (19) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

ලියාපදිංචි වී විදේශ රැකියාවලට ගොස් ඇති ලක්ෂ දහයකට ආසන්න පිරිස සහ නිසි ලියාපදිංචියක් නොමැතිව විදේශ රැකියාවලට ගොස් සිටින ලක්ෂ 16ක් පමණ වන ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා රටට සහ නිවෙස් වෙත මුදල් එවන පිරිසක් බව අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියේ.

මේ හේතුවෙන් ඔවුන්ගේ ගැටළු විසඳීමට ඊට අදාළ පනතේ සංශෝධනයක් මෙන්ම එම විදේශ තානාපති කාර්යාලවල මීට වඩා සක්‍රීයභාවය අවශ්‍ය බව ද ඔහු කියා සිටියේය .

මේ නිසා මෙම ගැටළු විසඳීම සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට, ජනාධිපතිතුමා අදාළ බලධාරීන් කැඳවා නියමිත උපදෙස් ලබා දී ඇති බව ද ඔහු කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා..

“ගරු ඩලස් අලහපෙරුම මැතිතුමත් සඳහන් කළා, අපේ රාජ්‍ය ඇමතිතුමත් උත්තර දුන්නා. පසුගිය මාස එකහමාරක් තිස්සේ ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු කොට, ඕමානය හා තවත් ස්ථානවල ඇති මෙවැනි පැමිණිලි ගැන වි‍ශේෂ කණ්ඩායමක් අපි පිටත් කළා, අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා. මේක ජාතික වශයෙන් බලපාන ප්‍රශ්නයක්. ඒ ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵලයක් ලෙස මේ කණ්ඩායම අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුමන තරාතිරමක තනතුරක් හෙබෙව්වත් ඒ අය වහාම අත් අඩංගුවට ගැනීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා රජය වහා මැදිහත් වී තිබෙනවා. මේ කාලයක් තිස්සේ වර්ධනය වුණ දෙයක්. මිලියනයක් කිට්ටුවෙන්න, ලක්ෂ නවයහමාරක් පමණ විදේශ රටවල විදේශ රැකියා කාර්යංශවල ලියාපදිංචි ඇතිව සේවයට ගිහින් තියෙනවා. ගරු ඩලස් අලහපෙරුම ඇමතිතුමා දන්නවා. ඊට අතිරේකව දැනට කරලා තියෙන සමීක්ෂණයේ දී ලක්ෂ 16ක් පමණ විදේශ රටවල්වල විශේෂයෙන් ගල්ෆ් ප්‍රදේශයේ මේ ආකාරයේ රැකියාවලට ගිහිල්ලා ඉන්නවා. ඒ අය හරියාකාරව ලියාපදිංචි නොමැති නමුත්, රැකියා කොට රටට, ගෙවල් දොරවල්වලට කොහොම හරි මුදල් එවන පිරිස, මෙය ක්‍රමානුකූල කරගැනීම සඳහා මම හිතන්නේ හිටපු විදේශ ඇමතිලා සියලු දෙනා යම්කිසි උත්සාහයක් ගත්තා. මේ පනත සංශෝධනයක් අවශ්‍ය වෙනවා. අපේ විදේශ තානාපති කාර්යාල මීට වඩා අවධියෙන් සක්‍රීය වෙන්නට වෙනවා. ඒ වගේම මේ ශ්‍රමිකයන්ට ලැබිලා තිබෙන අවස්ථාවල් හරියාකාරව ලබාගැනීම සඳහා ද්වීපාර්ශක ගිවිසුම් හරියාකාරව අත්සන් කොට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවරවල් සම්පූර්ණ කිරීම අත්‍යාවශ්‍ය වෙනවා. එවැනි තත්ත්වයන් සඳහා ප්‍රමුඛත්වය දෙන්න මේ වන විටත් ජනාධිපතිතුමා අදාළ බලධාරීන් කැඳවා සාකච්ඡා කොට ඒ නියෝගයන් උපදෙස් ලබා දී තිබෙනවා. ඒ, නිසා මම ස්තූතිවන්ත වෙනවා ගරු මන්ත්‍රීතුමන්ලාට මේ ප්‍රශ්නය ඇසීම, මෙවැනි නීතිමය ක්‍රියාමාර්ග සඳහා රජය පසුබහින්නේ නෑ. පූර්ව පරීක්ෂණයක් කොට තොරතුරු සම්පූර්ණ කර ගෙන අවශ්‍ය නම් අපේ සුවිශේෂ තොරතුරු සේවා අංශ පිටත් කොට ඒ සඳහා පියවර ගන්න ක්‍රියාමාර්ගවල අප නිරතව සිටින බව ගරු මන්ත්‍රීතුමන්ලාට සඳහන් කරන්න ඕන. නමුත් සංඛ්‍යාව අනුව විශාල ප්‍රමාණයක් හරියාකාර ලියාපදිංචි නොමැතිව ගමන් කර තිබෙනවා. ඒ නිසා අපි ඔබ හැමදෙනාම මේ ජාතික වූ ප්‍රශ්නයක් හැටියට සලකා විදේශ රටක රක්ෂාවක් කරන්න තිබෙන ඕනෑකම හා දරිද්‍රතාවය අපේ රටේ මුහුණ දෙන ජනතාවට ඒ අවශ්‍යතාව සුරක්ෂිතව ලබා ගැනීම සඳහා මැදිහත් වෙන්නට කියන දේ අපි ඒකාබද්ධව ගත යුතු පියවරක් හැටියට සහයෝගය දක්වන්න.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පූජිත්ට සහ හේමසිරිට දුන්න තීන්දුව ගැන කියලා දිලීප පීරිස්ගෙන් සැර කතාවක් - මේ ඉන්නේ අපරාධකරුවන් එක්ක
13:17
Video thumbnail
මහවැලි, කොත්මලේ අපේ හදවත වගේ - ජීවිතයක ගාණ ලක්ෂ 50ක් දීලාවත් මනින්න බෑ
04:57
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි
01:09
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා
01:04
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
00:56
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා - මිනිස්සු හතරවටේ දුවයි
01:52
Video thumbnail
නාමල් සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබා ගන්න මයුරපති කෝවිලට එයි - මිනිස්සු නාමල්ව පිළිගත්ත හැටි
01:17
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි - පලායද්දී කොටුවෙලා
01:46