විදෙස් සංචාරකයෙකු මුහුදේ ගිලී මරුට

මොරගල්ල මුහුදේ දියනාමින් සිටි රුමේනියානු ජාතික සංචාරකයෙකු අද(7) දහවල් දියේගිලී මියගොස් ඇති බවඅලුත්ගම පොලිසිය පැවසීය.

මෙසේ මියගොස් ඇත්තේ මොරගල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටී නිස්ටොරෙස්කූ ටීඩෝර් නමැති 71 හැව්රිදි රුමේනියානු ජාතිකයෙකු බව පොලිසිය සදහන් කරයි.

මියගොස් ඇති රුමේනියානු සංචාරකයා මොරගල්ල සංචාරක හෝටලයක රැදී සිට ඇති අතර, එම හෝටලය ආසන්න මුහුදේ දියනාමින් සිටියදී අනතුර සිදුව ඇති බව සදහන් වේ.

ඔහු ගොඩගෙන බේරුවල ප්‍රදේශිය රෝහලට රැගෙනවිත් ඇති අතර , ඒ වනවිටත් මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .

මෘතදේහය පිළිබඳ මූලික මරණ පරීක්ෂණයබේරුවල හදිසි මරණ පරීක්ෂක රෙජිනෝල්ඩ් හෙට්ටිආරච්චි මහතා විසින් බේරුවල රෝහලේදී සිදුකර බවත් , පශ්චාත් මරණ පරීක්ෂණය සදහා සිරුර කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන යන්නයි අලුත්ගම පොලිසියට නියෝග කර තිබේ.

අලුත්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති

  1. වහාම පොලිසිය ක්‍රියාත්මක වී මෙවැනි දුර්වල හෝටල් හිමිකරුවන් නීතියට ගෙනෙන්න අවශ්‍යයි ම්නිසුන් මුහුදට යනවිට ආරක්ෂක ක්‍රම සහය මිහිනුම් කරුවන් ලබාදීම අනිවාර්ය කලයුතු නොවේද