විදෙස් ලීග් තරගාවලි වෙනුවෙන් අශ්වින් IPLවලට සමුදෙයි

ඉන්දියාව වෙනුවෙන් දෙවන වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා (කඩුලු 537) වන විශිෂ්ඨ දඟ පන්දු යවන්නෙක් සහ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වූ රවිචන්ද්‍රන් අශ්වින් IPL තරගාවලිය ක්‍රීඩා කිරීමෙන් සමුගෙන තිබෙනවා.

ඉන්දියාවෙන් පිටත විදේශයන්හි පැවැත්වෙන ලීග් ක්‍රිකට් තරගාවලි සඳහා ක්‍රීඩා කිරීමේ අරමුණ ඇතිව තමන් මෙම තිරණය ගත් බවට ඔහු පවසනවා.

2009 වර්ෂයේ සිට අඛණ්ඩව වසර 07ක් පුරාවට චෙන්නායි සුපර් කිංග්ස් වෙනුවෙන් තරග වැදි ඔහු එම වසර 07 තුළ දෙවරක්ම ශුරතාවය දිනා ගැනීම සඳහා සහය වුණා.

එමෙන්ම 2018 සහ 2019 යන වර්ෂවලදී පන්ජාබ් කිංග්ස් මෙහෙයවීමේ වගකීම ද ඔහුට හිමිව තිබුණා.

ඊට අමතරව රාජස්ථාන් රෝයල්ස් වෙනුවෙන්ද ක්‍රීඩා කර තිබෙන අශ්වින් තම අවසන් IPL තරගවාරයද (2025) නියෝජනය කළේ සිය ආරම්භක කණ්ඩායම වූ චෙන්නායි සුපර් කිංග්ස් වීම විශේෂත්වයක්.

අවසන්වරට පැවති ඕස්ට්‍රේලියානු තරග සංචාරයෙන් තම ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සමුගැනීම නිවේදනය කළ ඔහුව මින් ඉදිරියට ලෝකයේ පුරාවට පැවැත්වෙන ලීග් තරගාවලි තුළින් ප්‍රේක්ෂකයන්ට දැක බලා ගත හැකි බවට ක්‍රිකට් විචාරකයින් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
00:00
Video thumbnail
අද දිනයෙන් බොහෝ ප්‍රදේශවලට තද වැසි - ඉදිරියේදී වැසි තත්ත්වයේ අඩුවීමක්
02:07
Video thumbnail
චමින්ද නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - හරිනි පෙන්නලා රට කෑවා වගේ වැඩක් මේ
07:36
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි - මහ ජල කඳක් කඩා හැලෙණ අයුරු
01:06
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා හැටන් සහ නුවරඑළිය කලාපයේ පාසල් 306ක් වැසෙයි
00:39
Video thumbnail
වැල්ලවාය - මොණරාගල මාර්ගය හරහා මාරුවෙන අමුත්තො රංචුව - "කකුල් උස්සලා ලස්සනට යන හැටි"
00:51
Video thumbnail
උණකන්ද රක්ෂිතයේ සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:08
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් වෙනවා ළමයා ගැන කිසිම තොරතුරක් නෑ - අද ගමම කම්පා වෙලා
05:57
Video thumbnail
මුහුද මැද පෙරළී ගිය යාත්‍රාවක සිටි ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:43
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03