විදේශීය රටක නිෂ්පාදනය කරන ලද බෝර 12 ගිනි අවියක් බලපත්‍රයක් නොමැතිව සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙක් විශේෂ කාර්ය බලකායේ පුත්තලම ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා සතුව තිබූ ගිනි අවිය ද වැටලීම කළ නිලධාරීන්ගේ භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ (09) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම – කොට්ටුකච්චියේ පදිංචි 58 හැවිරිදි වියේ පසුවූ අයෙක්.
සැකකරු සහ ගිනි අවිය පුත්තලම පොලීසියට භාරදීමට වැටලීම කළ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
1
+1
1
+1
1
+1
3
+1
2













