විදෙස් දුම්වැටි, කාටුන් 286ක් සමඟ 18 හැවිරිදි සැකකරුවෙකුත් මාට්ටු

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන්ට අද (05) අළුයම ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර නීති විරෝධී ලෙස ගුවන් මඟින් මෙරටට රැගෙන එන ලද දුම්වැටි කාටුන් 286ක තිබී දුම්වැටි 57,200ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 18 සහ 42 වයස්වල පසුවන ඉහල කොට්ටාරාමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසය සඳහන් කළේ.

මෙම දුම්වැටි තොගය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්