spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදෙස් ගත ශ්‍රමිකයින්ගෙන් මැයි මාසයේදී ඩොලර් මිලියන 480ක්

විදේශගත ශ්‍රමිකයින් මේ වසරේ මුල් මාස පහ තුළදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 2300 කට වඩා වැඩි මුදලක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

ඔවුන් මැයි මාසයේදී පමණක් එවූ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 480ක් වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

මේ ආකාරයට මේ වසර තුළදී එවා ඇති ඩොලර් ප්‍රමාණය රුපියල් බිලියන 792ක් වන බව ඔහු පෙන්වා දෙනවා.

මෙම වසරේ ජනවාරි මාසයේදී විදේශ ගත ශ්‍රමිකයින් ඇමරිකානු ඩොලර් මිලියන 437.5ක මුදලක් එවා තිබෙන අතර පෙබරවාරි මාසයේදී එවා ඇති මුදල ඩොලර් මිලියන 407.4ක්.

මාර්තු මාසයේදී පමණක් විදේශ ගත ශ්‍රමිකයින් ඇමරිකානු ඩොලර් මිලියන 868.3ක මුදලක් එවා ඇති අතර අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 454ක මුදලක් මෙරටට එවා තිබූ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?