විදෙස් ඇමති විජිත සහ ඉන්දීය විදෙස් ඇමති අතර විශේෂ සාකච්ඡාවක්

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සඳහන් කරන්නේ, මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බවයි.

එමෙන්ම පවතින තත්ත්වය පිළිබද ඉන්දියාවේ ස්ථාවරය පිළිබඳව ද ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා දැනුවත් කිරීමට මෙහිදී කටයුතු කළ බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්