විදුහල්පති පත්වීම්වලට අදාළ පෙත්සම් අගෝස්තු 4 වනදා කැඳවීමට නියෝග

නව තරග විභාගයක් පැවැත් වීමකින් තොරව 2019 වසරේ පැවැත්වූ විභාගයේ ප්‍රතිඵල පදනම් කරගෙන විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා පත්කිරීම් සිදුකිරීමට අදාළව සහ ඊට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් අගෝස්තු මස 4 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යි කැඳවනු ලැබුවේ.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ 2019 වසරේ පැවැත්වූ විභාගය පදනම් කරගෙන අදාල තනතුරු පිරවීම තුළින් කිසිදු පාර්ශ්වයකට අගතියක් සිදු නොවන බවයි.

මෙම ගැටළුව සමථයකට පත්කළ හැකි ආකාර කීපයක් ද ඔහු විසින් යෝජනා කර සිටියා.

මෙහිදී අධිකරණය පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේ මෙම ගැටළුව සමථයකට පත්කර ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තම සේවාදායකයින් සමඟ සාකච්ඡා කරන ලෙසයි.

ඒ අනුව අදාළ පෙත්සම් අගෝස්තු මස 4 වනදා කැඳවන බවත් එදින සමථයක් තිබේනම් අධිකරණය හමුවේ දැනුම් දෙන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් පාර්ශවකරුවන්ට නියෝග කළා.

ලංකා ගුරු සේවා සංගමය ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කළ තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා නැගිටලා මහින්දට දැම්ම සැර සත්තම - "කොණ්ද පණ තියෙනවනම් නවත්තලා කියන්න"
00:28
Video thumbnail
පයිත්තියම් ඩොක්ටර් - හෝව් හෝව් නාමල් දුවන්න එපා
00:48
Video thumbnail
නාමල්ගේ කතාවෙන් අර්චුනාට හොඳටම හිනා
01:39
Video thumbnail
රනිල්ගේ සංචාරය නිල සංචාරයක් තමයි - රටේ නීතියක් නෑ..නීතිය අවනීතිය කරලා
05:29
Video thumbnail
නාමල් නැගිටිලා දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:57
Video thumbnail
විපක්ෂ නායකයා මීට වඩා සක්‍රීය වෙන්න - රජයට විරුද්ධ සියලු සටන් මෙහෙයවන්න නව මධ්‍යස්ථානයක්
03:40
Video thumbnail
ජනාධිපතිගේ ධුරය අහෝසි වෙන්නත් පුළුවන්
06:50
Video thumbnail
කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් සජිත් පෙරට එයි - කොහොමද පවුලේ අයිතිවාසිකම් සුරක්ෂා වන්නේ ?
11:46
Video thumbnail
මගේ වස්තුවේ.. උම්මා දෙන්න එන්න - දෙයියෝ
07:50
Video thumbnail
නාකි මයිනෝ කොහොමද තරුණ වෙන්නේ - මාර කෙ#යක්නේ මේක
04:58