විදුහල්පතිවරුන් 4718ක් පත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

පාර්ශවකරුවන් විසින් ඇතිකර ගෙන තිබෙන එකඟතාවය අනුව විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියේ තනතුරු 4718ක් සඳහා වන පත්කිරීම් සිදුකිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝග කළා.

අදාළ පත්වීම් පිරවීම සඳහා 2019 වසරේ පැවැත් වූ තරග විභාගයට අනුව තමන්ට අදාළ පත්වීම් ලබාදෙන ලෙස ඉල්ලමින් එම විභාගයට පෙනී සිටි අපේක්ෂකයින් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෙම පෙත්සම් අද (27) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2019 වසරේ පෙබරවාරි මස පවත්වන ලද තරඟ විභාගයේ ප්‍රතිඵල මත විදුහල්පති සේවයේ තුන්වැනි ශ්‍රේණියේ පවතින පුරප්පාඩු 4718ක් පිරවීමට රාජ්‍ය සේවා කොමිසම තීරණය කර ඇති බව සඳහන් කළා.

මෙම පත්වීම්වලට අදාළව ගොනු කරන මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් 2021 වසරේ ජූනි මස 31 වන දා පාර්ශවකරුවන් අතර ඇති වූ එකඟතාවයකට අනුව මෙම පත් කිරීම සිදුකිරීමට සූදානම් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා.

ඒ, අනුව පාර්ශවකරුවන් විසින් අධිකරණය හමුවේ ඇති කරගත් එකඟතාවය ප්‍රකාරව විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියේ පවතින පුරප්පාඩු 4718ක් පිරවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අධ්‍යාපන අමාත්‍යංශයට නියෝග කළා.

මේ අතර අදාළ පත්වීම් පිරවීම අභියෝගයට ලක්කරමින් බුද්දංකෝට්ටේ සුමන චන්ද්‍ර හිමියන් විසින් පෙත්සමක් ඉදිරිපත් කළ තිබූ අතර, එම පෙත්සම විභාගයට ගැනීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පත්වීම් පිරිනැමීම වළක්වාලමින් තහනම් නියෝගයක් ද මෑතකදී නිකුත් කර තිබුණා.

එම තහනම් නියෝගය අදාළ පත්වීම් පිරිනැමීමට බාධාවක් නොවන ආකාරයෙන් අද (27) දින සංශෝධනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පත්වීම පිරිනැමීමේදී සුමන චන්ද්‍ර හිමියන්ගේ ඉල්ලීම ද සැලකිල්ලට භාජනය කරන ලෙසත් වගඋත්තරකරුවන්ට නියෝග කළා.

ඉන් අනතුරුව අදාළ පෙත්සම් විභාගය අත්හිටුවිමට ද අධිකරණය තීන්දු කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56