spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොමිසමේ තීරණය ලැබෙයි – විදුලිබිල නගියි

UPDATE :

විදුලි බිල ඉහළ නැංවීමට අවසර ලබා දී තිබෙනවා.

මීට ටික වේලාවකට පෙර මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ; විදුලි බිල ඉහළ නැංවීමට අවසරය ලබා දී ඇති බවයි.

එය ඉහළ නැංවෙන ප්‍රතිශතය ඉදිරියේ දී ප්‍රකාශ කෙරෙනු ඇති.

———————————————————————————————

විදුලි බිල වැඩිවීම ගැන කෙරෙන අවසන් තීරණය අද ලබාදීමට නියමිත ව තිබෙනවා.

අද දහවල් වනවිට එම තීරණය ලංකා විදුලිබල මණ්ඩලය වෙත මහජන උපයෝගීතා කොමිසම මගින් ලබාදීමට නියමිත යි.

මෙලෙස මෙරට තුළ මෙම වසරට අදාළ ව විදුලි බිල මෙවර වැඩිවන්නේ අඛණ්ඩ ව තෙවැනි වරට යි.

මෙවර විදුලි බිල සංශෝධනය තුළ එය සියයට 18කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

පසුගියදා මහජන උයපයෝගීතා කොමිසමේ මණ්ඩලයක් විසින් විදුලි බිල වැඩිවීම සම්බන්ධයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී විශේෂ සාකච්ඡාවක් පවත්වමින්, මහජන අදහස් විමසා සිටියා.

මේ අතර විදුලි බිල වැඩිවීමට එරෙහිව අද දිනයේ දී ඇඹිලිපිටිය නගරය කේන්ද්‍ර කරගනිමින් දැවැන්ත පන්දම් විරෝධතාවක් ද පැවැත්වීමට සූදානමින් සිටින බවත් වාර්තා වනවා.

WhatsApp Image 2023 10 20 at 07.40.58
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
3
+1
3
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?