spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහි පෙත්සම විභාගයට ගන්න අවසර දෙනවා ද නැද්ද තීන්දුව අද

විදුලි ගාස්තු වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙනවා ද නැද්ද යන තීරණය අද (17) දිනයේ දී අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පසුගිය දා මෙම පෙත්සම් විභාගය පැවති අවස්ථාවේ දී විදුලිබල අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළේ විදුලි ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් තීන්දු ගැනීමට විෂය භාර අමාත්‍යවරයා සහ ඇමති මණ්ඩලයට බලය තිබෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?