spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි ගාස්තු ඉහළ නැංවීමට එරෙහි පෙත්සම් වැඩිදුර සලකා බැලීමට දින දෙයි

ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෑතකදී විදුලි ගාස්තු ඉහළ නැංවීමට ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම සඳහා අප්‍රේල් මස 03 වනදා කැදවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද (19) ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම් වැඩිදුර සලකා බැලීම සඳහා අප්‍රේල් මස 03 වනදා කැදවන ලෙසයි.

මෑතකදී විදුලි ගාස්තු ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලය ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඊට අනුමැතිය දීමට මහජන උපයෝගීතා කොමිසම ගනු ලැබූ තීරණය ද නීතියට පටහැණි බව පෙත්සම්වලින් සඳහන් කර තිබෙනවා.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම ගාස්තු වැඩි කිරීමේ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?