spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි ගාස්තුව 3%ක ප්‍රතිශතයකින් අඩු කිරීම සාධාරණ නෑ – මන්ත්‍රී ගාමිණී වලේබොඩ (වීඩියෝ)

විදුලි ගාස්තුව 3% ප්‍රතිශතයකින් පමණක් විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් විදුලි පාරිභෝගිකයින්, කර්මාන්තකරුවන් ඇතුළු පාර්ශව රැසක් සිය විරෝධය පළ කරනවා.

විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 60ක අතිරික්ත ලාභයක් ලබා ඇති පසුබිමක මෙම තීරණය සාධාරණ නොවන බව ආර්ථික අර්බුදය සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ ද පවසනවා.

ලබන පෙබරවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 3.34 ක සාමාන්‍ය අගයකින් විදුලි ගාස්තු සංශෝධනය කිරීමට ලංකා විදුල බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසම වෙත යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

මෙම ගාස්තු සංශෝධනයත් සමඟ විදුලිය භාවිත කරන අවම කාණ්ඩය වන මසකට ඒකක 0 සිට 30 දක්වා ඒකකයකට දැනට අය කෙරෙන රුපියල් 12.00 ක ගාස්තුව රුපියල් 11.00 ක් දක්වා රුපියලකින් අඩු කිරීමට සහ ඊට අදාළ ස්ථාවර ගාස්තුව රුපියල් 180.00 ක සිට 165.00 දක්වා රුපියල් 15.000 කින් අඩු කිරීමට යෝජනා වී තිබෙනවා.

මසකට ඒකක 31 සිට 60 දක්වා අය කෙරෙන ගාස්තුව රුපියල් 30.00 සිට රුපියල් 27යි ශත 50 ක් දක්වා රුපියල් 2යි ශත 50 කින් අඩු කිරීමට යෝජිතයි.

සෙසු කාණ්ඩ සඳහා ද මේ හා සමාන අගයකින් විදුලි ගාස්තු අඩු කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?