විදුලි ගාස්තුව 3%ක ප්‍රතිශතයකින් අඩු කිරීම සාධාරණ නෑ – මන්ත්‍රී ගාමිණී වලේබොඩ (වීඩියෝ)

විදුලි ගාස්තුව 3% ප්‍රතිශතයකින් පමණක් විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් විදුලි පාරිභෝගිකයින්, කර්මාන්තකරුවන් ඇතුළු පාර්ශව රැසක් සිය විරෝධය පළ කරනවා.

විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 60ක අතිරික්ත ලාභයක් ලබා ඇති පසුබිමක මෙම තීරණය සාධාරණ නොවන බව ආර්ථික අර්බුදය සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ ද පවසනවා.

ලබන පෙබරවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 3.34 ක සාමාන්‍ය අගයකින් විදුලි ගාස්තු සංශෝධනය කිරීමට ලංකා විදුල බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසම වෙත යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

මෙම ගාස්තු සංශෝධනයත් සමඟ විදුලිය භාවිත කරන අවම කාණ්ඩය වන මසකට ඒකක 0 සිට 30 දක්වා ඒකකයකට දැනට අය කෙරෙන රුපියල් 12.00 ක ගාස්තුව රුපියල් 11.00 ක් දක්වා රුපියලකින් අඩු කිරීමට සහ ඊට අදාළ ස්ථාවර ගාස්තුව රුපියල් 180.00 ක සිට 165.00 දක්වා රුපියල් 15.000 කින් අඩු කිරීමට යෝජනා වී තිබෙනවා.

මසකට ඒකක 31 සිට 60 දක්වා අය කෙරෙන ගාස්තුව රුපියල් 30.00 සිට රුපියල් 27යි ශත 50 ක් දක්වා රුපියල් 2යි ශත 50 කින් අඩු කිරීමට යෝජිතයි.

සෙසු කාණ්ඩ සඳහා ද මේ හා සමාන අගයකින් විදුලි ගාස්තු අඩු කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27