විදුලි කප්පාදු කාලසීමාවේ අඩුවක්

විදුලි කප්පාදුව අඩුකර ඇති බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරනවා.

ඒ, අනුව මෙතෙක් පැවති පැය 02යි විනාඩි 20ක දෛයිනික විදුලි කප්පාදුව පැය 02ක් දක්වා අඩුකර ඇති බවයි මහජන උපයෝගිතා කොමිසම දැනුම් දෙන්නේ.

ඒ අනුව A සිට W දක්වා කලාප 20 සඳහා දිවා කාලයේදී විනාඩි 40ක් සහ රාත්‍රී කාලයේදී පැය 01යි විනාඩි 20ක් වශයෙන් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.