spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි ඒකකයකට රුපියල් 56.90ක නිශ්චිත ගාස්තුවක් ?

විදුලි ඒකකයක් උත්පාදනය සඳහා රුපියල් 56.90ක් වැය කිරීමට සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

එවැනි තත්තත්වයක් තුළ විදුලි ඒකකයක් සඳහා පාරිභෝගිකයින්ගෙන් මේ වනවිට අයකරනු ලබන්නේ රුපියක් 29.14ක් බවයි ඔහු සඳහන් කරන්නේ.

එබැවින් මණ්ඩලයට සිදුවන පාඩුව දළ වශයෙන් රුපියල් බිලියන 423.5ක් බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා දන්වා සිටිනවා.

“මගේ මතය නම් ඒකකයක් සඳහා රුපියල් 56.90ක නිෂ්චිත ගාස්තුවක් අය කළ යුතු බවත්, අඩු ආදායම්ලාභී පවුල් සඳහා සෘජු මුදල් දීමනාවක් ලබා දිය යුතු” අමාත්‍යවරයා එහි වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

ලංවිම බිල්පත් දත්ත වලට අනුව ගෘහස්ත පාරිභෝගිකයින් 6,709,574ක් සිටින බවද අමාත්‍යවරයා පවසනවා.

මේ අතර, අමාත්‍යවරයා පළ කර තිබූ විදුලි ගාස්තු පිළිබඳ විස්තරය පහතින්.

CEB Estimates
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?