spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලිසැර වැදී වන අලියෙක් මරුට

නිවසක ගෙවත්ත වටා ඉදිකර තිබෙන විදුලි රැහැනක ගැටීමෙන් මියගොස් සිටි වන අලියකු ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීමෙන් අනතුරුව තලාව ජයගග අඩවි වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් ඊයේ (02) පෙරවරුවේ සොයාගෙන තිබේ .

නාච්චාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහළකෝන්ගසවැව ලබුගලයාය ප්‍රදේශයේ නිවසක ගෙවත්ත වටා ඉදිකර තිබු විදුලි රැහැනක ගැටීමෙන් වයස අවුරුදු පහළවක් පමණ වන මෙම වන අඅලියා මියගොස් ඇත

මෙම ප්‍රදේශයේ නිරන්තරයෙන් වන අලින් ගැවසෙන අතර තම ගෙවත්තේ වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා නිවැසියා විසින් ඇද දමා තිබූ විදුලි රැහැනක ගැටීමෙන් වනඅලියා මියගොස් තිබෙන බව වනජීවී නිලධාරීන් සඳහන් කළේය .තවද වනජීවී නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ එම නිවෙස් හිමියා මෙම විදුලි රැහැන් පද්ධතියට ගෘහස්ථ විදුලිය සම්බන්ධ කර ඇති බවත්,එමඟින් නිකුත්වන අදිබලති විදුලි ධාරාව හේතුවෙන් මෙම වනඅලියා මියයන්නට ඇති බවයි.

මෙම අලියාගේ මරණය හේතුවෙන් මේ වන විට නිවෙස් හිමියා වනජීවී නිලධාරීන්ගේ භාරයට ගෙන ඇති අතර ඉදිරි නීති නීතිමය කටයුතු සිදු කිරීමට නියමිත බව අඩවි වන ජීවී නිලධාරීන් සඳහන් කළේය .

වන අලියාගේ සිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර කලාප දාර දාර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු කන්ඩායම විසින් සිදුකිරීමට නියමිතව තිබිණ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?