විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ (17) රැස්වූ යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සලකා බැලූ අතර, ලබන 24 වනදා දෙවැනිවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදාළ අනුමතිය හිමිව තිබෙනවා.

ඒ, එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර්ගේ සභාපතිත්වයෙන් පසුගියදා (17) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

මෙම කාරක සභා රැස්වීම සඳහා බලශක්ති අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක් නියෝජනය කරමින් නිලධාරීන් පැමිණ සිටියා.

මෙහිදී මහජන උපයෝගීතා කොමිෂන් සභාව මෙම පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට අදාළව ඉදිරිපත් කර තිබූ යෝජනා සහ නිර්දේශ කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර, එහිදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එකඟතාවය පළ වුණා.

නීතිපති දෙපාර්තමේන්තුව ද කමිටුව හමුවේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දැක්වීම සිදුකළ අතර, මීට පෙර කාරක සභාවේ දී එකඟවූ සංශෝධන ද සමඟ පනත් කෙටුම්පත කාරක සභාවේ අනුමතියට ඉදිරිපත් කර තිබුණා.

නව පනත් කෙටුම්පතට අනුව ඉඩම් අයිතිය, පාරිභොගික අයිතීන් ආදි කරුණු ගණනාවක් පිළිබඳව දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා කෙරුණා.

එමෙන්ම පනත සම්මත වීමෙන් පසු පාරිභෝගීක අයීතීන් පිළිබඳ රෙගුලාසි සෑදීම සඳහා මසක කාලයක් තුළදී විදුලිබල අමාත්‍යාංශය සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාව එක්ව කටයුතු කරන ලෙස විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයාට කාරක සභාව විසින් නි‍ර්දේශ කරනු ලැබුවා.

මෙම කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර ජයමහ, අජිත් පී පෙරේරා, අසිත නිරෝෂණ එගොඩ විතාන, මංජුල සුරවීර ආරච්චි සහ ශාන්ත පද්ම කුමාර සුබසිංහ යන අය ද කාරක සභාවේ සභාපතිවරයාගේ අනුමතිය මත මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ද සහභාගීව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00