විදුලිබල මණ්ඩලයෙන් පාරිභෝගිකයින්ට වාසියක්

පාරිභෝගිකයන්ට නව විදුලි සම්බන්ධතාවක් ලබාදීමේ දී අයකරනු ලබන තැන්පතු මුදල් සඳහා පොලියක් ගෙවීමට කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දී තිබෙනවා.

විදුලි පාරිභෝගික සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැදවනු ලැබූ අවස්ථාවේදී මේ බව දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් තම ආයතනය මේ වන විට මූල්‍ය ගැටලුවකට මුහුණ පා සිටින බැවින් අදාළ පොලිය ගෙවීමට නොහැකි බවත් රජයේ නීතිඥවරයා පෙන්වා දී තිබේ.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පෙන්වා දී ඇත්තේ අදාළ මුදල පාරිභෝගිකයින්ගේ විදුලි බිලෙන් අඩු කිරීමට හැකියාවක් පවතින බවය.

අනතුරුව මෙම කරුණු සලකා බැලීම සඳහා අදාළ පෙත්සම ඔක්තෝබර් මස 04 වෙනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?