විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණය තුළ විදුලි බිල අඩුකිරීමට සැලැස්මක් අපට තියෙනවා – බලශක්ති ඇමති

පුනර්ජනනීය බලශක්ති දායකත්වය වැඩිකිරීමෙන් සහ ජල විදුලිය නිෂ්පාදනය කාර්යක්ෂම කිරීම තුළින් ජනන වියදම අඩුකිරීම හරහා ඉදිරියේදී විදුලි බිල අඩුකිරීමට ක්‍රියාත්මක කරන සැලැස්මක්, වැඩපිළිවෙලක් රජය සතු බව තියෙනවා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද (15) විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල අනුව ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යාම තෝරාගත් සේවකයන්ට මූල්‍ය වන්දි ලබාදීමේ උත්සවයට එක්වෙමින්.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී බලාපොරොත්තු වූ ප්‍රධාන කරුණු කීපයකින් කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම ද පැවති බවත්, ඒ අනුව පාරිභෝගිකයාට උසස් සේවයක් ලබාදෙන ආයතන බවට අළුතින් පිහිටුවන ආයතන පත් කරමින් ප්‍රතිව්‍යුහගතකරණයේ දී රටේ ජනතාවට ලබාදුන් පොරොන්දුව ඉෂ්ඨ කරන්න කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම මෙම ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල තුළ සේවකයින්ට දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉෂ්ට කිරීමට, මේ වන විට හැකියාව ලැබී ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියා.

විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල අනුව ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන ලංවිම සේවකයින් 1898 දෙනෙකු වෙනුවෙන් මූල්‍ය වන්දි ලබාදීම සම්බන්ධ වැඩසටහන අද (15) දෙහිවල EDL D4 ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

මෙම අවස්ථාව සදහා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්, විදුලිබල අනුප්‍රාප්තික ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15