spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලිබල – ඛනිජ තෙල් සාමූහික ගිවිසුම්වලින් ඉවත් වෙයි

විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථා වෘත්තිය සමිති සහ එම ආයතනවල පාලන අධිකාරිය අතර සාමූහික ගිවිසුමෙන් ඉවත්වන ලෙස අදාළ ආයතනවලට දැනුම් දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

සාමූහික ගිවිසුම හරහා වසර තුනකට වරක් සිදු කෙරෙන සියයට 25 කින් වැටුප් වැඩිවීම, වාර්ෂික ප්‍රසාද දීමනා සහ සෙසු දීමනා ගෙවීම් සම්බන්ධයෙන් මෙහිදී ප්‍රධාන වශයෙන් තීරණ ගන්නා බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

අදාළ ආයතනවල බලධාරීන්ට ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දුන් බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මේ අනුව සෑම වසර 3කට වරක් 25% ක වැටුප් වර්ධකයක් සඳහා ලංකා විදුලිබල මණ්ඩල සහ CPC වෘත්තීය සමිති සමඟ ඇති කර ගත් වාර්ෂික බෝනස්, දීමනා සහ අනෙකුත් ප්‍රතිලාභ සම්බන්ධයෙන් සාමූහික ගිවිසුම් අලුත් කිරීම සිදු නොකරනු ඇති.

ඒවා අවසන් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන් බවයි ඔහු ප්‍රකාශ කළේ.

Kanchana Msg
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?