විදුලිබල – ඛනිජ තෙල් සාමූහික ගිවිසුම්වලින් ඉවත් වෙයි

විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථා වෘත්තිය සමිති සහ එම ආයතනවල පාලන අධිකාරිය අතර සාමූහික ගිවිසුමෙන් ඉවත්වන ලෙස අදාළ ආයතනවලට දැනුම් දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

සාමූහික ගිවිසුම හරහා වසර තුනකට වරක් සිදු කෙරෙන සියයට 25 කින් වැටුප් වැඩිවීම, වාර්ෂික ප්‍රසාද දීමනා සහ සෙසු දීමනා ගෙවීම් සම්බන්ධයෙන් මෙහිදී ප්‍රධාන වශයෙන් තීරණ ගන්නා බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

අදාළ ආයතනවල බලධාරීන්ට ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දුන් බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මේ අනුව සෑම වසර 3කට වරක් 25% ක වැටුප් වර්ධකයක් සඳහා ලංකා විදුලිබල මණ්ඩල සහ CPC වෘත්තීය සමිති සමඟ ඇති කර ගත් වාර්ෂික බෝනස්, දීමනා සහ අනෙකුත් ප්‍රතිලාභ සම්බන්ධයෙන් සාමූහික ගිවිසුම් අලුත් කිරීම සිදු නොකරනු ඇති.

ඒවා අවසන් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන් බවයි ඔහු ප්‍රකාශ කළේ.

Kanchana Msg


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56