විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට එරෙහි පෙත්සමට දින නියම වෙයි

ඉකුත් රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම් වලට පැවරීමට හිටපු අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්දිරන්, පාටලී චම්පික රණවක සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පෙබරවාරි මස 09 වැනිදා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (20) අචල වෙංගප්පුලි, සම්පත් අබේකෝන් සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ එම නඩුකරවල පළමුවන වගඋත්තරකරු ලෙස නම් කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටීම සඳහා ඉදිරිපත් කර තිබූ “පෙරකළාසිය” ඉවත් කරගන්නා බවයි.

ඒ අනුව එම වගඋත්තරකරු වෙනුවෙන් නීතිපතිවරයා තවදුරටත් පෙනී නොසිටින බවත් ඇය අධිකරණයට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව වගඋත්තරකරුවන් කීප දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය සදහා රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් තමන්ට නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට කාලය අවශ්‍ය බව දන්වා සිටියා.

ඒ අවස්ථාවේදී පෙත්සම්කාර හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ඊ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසින් සම්මත කළ යෝජනාවකට අනුව රජයේ විගණකාධිපතිවරයා විසින් විගණනයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළා.

ඉකුත් වසරේ අප්‍රේල් මස 17 වැනිදා සිට අගෝස්තු මස 02 වැනිදා දක්වා මෙම ඊ වීසා ක්‍රියාවලිය ක්‍රියාත්මක වූ කාලසීමාව තුළ රටට සිදුවූ හානිය පිළිබඳව රජයේ විගණකාධිපතිවරයා එම වාර්තාව තුළින් සවිස්තරව කරුණු දක්වා ඇතැයි සඳහන් කළ පාටලී චම්පික රණවක මහතා එවැනි වාර්තාවක් ඉදිරිපත් කිරීමට රජයේ විගණකාධිපතිවරයාට පූර්ණ බලය තිබෙන බවත් සඳහන් කළා.

මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ද අධිකරණයට දැනුම් දුන්නේ විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ එම වාර්තාවේ සඳහන් නිර්දේශවලට අනුව කටයුතු කරන ලෙස නීතිපතිවරයා විසින් අදාල අංශවලට දැනුම් දී ඇති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නඩුකරවලට අදාළව රජයේ විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන වාර්තාවේ අන්තර්ගතය පිළිබඳව අධ්‍යයනය කර ඊට අදාළව නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා වග උත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන්ට කල් ලබා දුන්නා.

ඒ අනුව එම නිරීක්ෂණ ලිඛිතව ගොනු කරන ලෙසත් ඉන් අනතුරුව මෙම නඩුකර පෙබරවාරි මස 09 වැනිදා යළි කැඳවන බවද විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ හා විගමන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කළ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය ඉකුත් රජය සමයේ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව පෞද්ගලික සමාගම්වලට පැවරීමට තීන්දු කෙරුණු බවයි.

එම ක්‍රියාවලිය පෞද්ගලික අංශයට පැවරීම තුළින් රජයට අතිවිශාල පාඩුවක් සිදුවූ බවත් මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට බවට තීන්දුවක් ලබා දන ලෙසත් ඉල්ලා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චොක්ලට් කවරය තුළ සඟවා රැගෙන ආ හෂීෂ් ගුවන්තොටේ දී කොටුවෙයි
02:07
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27