ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණා දැමීමට රජය තීරණය කර ඇත්තේ ආර්ථික සැලසුමකට නොව හිඟනකම හේතුවෙන් නිසා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද (01) පස්වරුවේ කොළඹදී පැවැති ජනතා විමුක්ති පෙරමුණේ රතු මැයි රැලිය අමතමින් පවසනවා.
”රට විකුණන, ජනපීඩක දූෂිත පාලනය පරදවමු, ජනතාවාදී පාලනයක් ගොඩනගමු” යන තේමාවෙන් ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ මැයි දින පෙළපාළිය අද පස්වරු 2ට පමණ කොළඹ BRC පිටියෙන් ආරම්භ විය.
එහිදී අදහස් දැක්වූ පක්ෂ නායත අනුර කුමාර දිසානායක,
“අද අපි BRC පිටියත් ටවුන් හෝල් එකත් එකම ජන ගංගාවකින් යා කොට අවසන් කරලා තියෙනවා. අපි ගැන තව තැන් වලදී කතා වෙනවා.”
“මේ සටන අපි ජයග්‍රහණය කළ යුතුයි. මේ පාලකයා අපේ රට ඉස්සරහට ගෙනියයි කියලා හිතනවා ද? IMF එක්ක ගිවිසුමකට එළඹුනා. රටේ ආර්ථිකය අලුත් පීල්ලකට වැටුණා කිව්වා. රනිල් වික්‍රමසිංහ යෝජනා කරන පාර ආර්ථික පාරක් නෙවෙයි. සල්ලි නැත්නම් විකුණන්න තියෙන්නේ කියනවා. ආර්ථික සැලැස්මකට නෙවෙයි විකුණන්නේ හිඟනකමට. විකුණාගෙන කෑම හැර වෙන උත්තරයක් ඒ අයට නෑ.”













