spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වික්ටෝරියා නූලන්ඩ්ගේ ප්‍රකාශයට චීනයෙන් දැඩි ප්‍රතිචාරයක්

දේශපාලන කටයුතු පිළිබඳ අමෙරිකානු උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු චීනය සම්බන්ධයෙන් පළකළ අදහස් පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශය දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා.

ඊයේ (02) පැවති චීන විදේශ අමාත්‍යාංශ මාධ්‍ය හමුවේ දී විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නිං සඳහන් කර සිටියේ අමෙරිකාව, චීන ශ්‍රී ලංකා සබඳතාවලට මැදිහත් නොවිය යුතු බවයි.

එමෙන්ම අමෙරිකාව සිදු කරන ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කරමින් චීන විදේශ අමාත්‍යාංශය, චීන එක්සිම් බැංකුව මේ වනවිටත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහය වන බව තහවුරු කර ඇති බව පැවසුවා.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය සෑහීමකට පත්විය හැකි ප්‍රතිචාරයක් ලබාදිය යුතු බව නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි දේශපාලන කටයුතු පිළිබඳ අමෙරිකානු උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?