හුංගම පොලිස් වසමට අයත් කිවුල ප්රදේශයේදී වෑන් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 07 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ තංගල්ල ප්රදේශයේ පදිංචිකරුන් පිරිසක් ගමන්ගත් මෝටර් රථයක් හා හුංගම දෙණිය ප්රදේශයේ පිරිසක් ගමන්ගත් වෑන් රථයක්.අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ සිටි 05 දෙනෙකු හා වෑන් රථයේ සිටි දෙදෙනෙකු තුවාල ලබා තංගල්ල ,අඟුණුකොළපලැස්ස හා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් හුංගම පොලිස් ස්ථානයේ රථවාහන අංශය විසින් පරීක්ෂණ පවත්වනු ලබයි.
