වැසි සමඟ ඇති වූ තද සුළඟින් ගස් කඩා වැටී 05ක් රෝහලේ – ඉදිරියේ දී මිලි මීටර් 100ට වැඩි තද වැසි

කොළඹ සහ අවට ප්‍රදේශ කිහිපයකට බලපෑ අධික සුළං සහිත කාළගුණයත් හේතුවෙන් ස්ථාන කිහිපයක ගස් කඩාවැටීම් ඇතුළු අනතුරු කිහිපයක් වාර්තා වී තිබෙනවා.

මෙම අනතුරුවලින් තුවාල ලැබූ පුද්ගලයන් 05 දෙනෙක් රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.

වැසි සමඟ ඇති වූ තද සුළං නිසා ගස් කඩා වැටීම් හේතුවෙන් රීඩ් මාවත, ජාවත්ත පාර, කිංසි පාර සහ හෝර්ටන් පෙදෙස ඇතුළු කොළඹ මාර්ග කිහිපයක ගමනාගමනයට අද (30) පස්වරුවේ සිට බාධා එල්ල වී තිබෙනවා.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය 36ක කාලය තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 100ට වඩා තද වැසි ඇති විය හැකි බවයි.

උතුරු මැද පළාතේත් මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 50-60ක තද සුළං ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමනපැයට කිලෝ මීටර් 30-40ක පමණ තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්
01:28
Video thumbnail
"ඔයාලා වගේ ඩබල් ගේම් ගහන්නේ නෑ..බයිලා ගහන්න එන්න එපා"බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්.
05:07
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.24
00:00
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට රිදෙනවා ඇති - ආණ්ඩුවේ පදයට නටන්න එන්න එපා
04:00
Video thumbnail
මුජිබුර්ගෙන් සැර සත්තමක් - යුද්දෙ අස්සේ සුද්දෙ දාන කළු කඩ මුදලාලිලා වෙන්න එපා
07:15
Video thumbnail
මැතිනිගේ ක්‍රමයේ ගියා නම් රටට මෙහෙම වෙන්නේ නෑ
02:55
Video thumbnail
ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - දරාගන්න අමාරුයි
05:10
Video thumbnail
පොලිස්පති මගේ යාළුවා - තුවක්කුවලට මන් බය නෑ සර්
03:19
Video thumbnail
බේරුවල ප්‍රාදේශීය සභාවේ අදත් ලොකු වලියක් - මාලිමා මන්ත්‍රීව දොට්ට දායි
02:49
Video thumbnail
රනිල්ගේ උපන්දිනය මිනිස්සු කිරිබත් කාලා ජයටම සැමරූ හැටි
03:03