වැව් ඉස්මත්ත දූෂණය කළ ව්‍යාපාරිකයාට අධිකරණයෙන් අපූරු දඬුවමක්

මහජනතාවට පීඩාවක් ඇතිවන අයුරින් කැකිරාව – තෙළඹියගම වැව් ඉස්මත්තට ගෙනවිත් දමා තිබූ රජයේ ලේබල සහිත එන්නත් කුප්පි තොගය, කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලත් නියෝගයක් අනුව කැකිරාව සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ හා පොලිස් ආරක්ෂාව යටතේ ඒවා ගෙනැවිත් දැමූ බව කියන සැකකාර ව්‍යාපාරිකයාගේ පුද්ගලික වියදමෙන් නැවත ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; එම ව්‍යාපාරිකයා විසින් ම මීට පෙර ද එම ස්ථානයට මෙලෙස එන්නත් කුප්පි තොගයක් බැහැර කර තිබූ අතර; එම එන්නත් කුප්පි තොගය ද කැකිරාව පොලිස් ස්ථානයේ පරිසර අංශයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන විමර්ශන සිදු කරමින් පැවති බවයි.

කැකිරාව පොලිස් ස්ථානය භාරයේ පැවති එම එන්නත් කුප්පි තොගය ද අධිකරණයේ නියෝගය අනුව අදාළ ව්‍යාපාරිකයා විසින් මෙලෙස සිය වියදමෙන් ඉවත් කර දැමීමට කටයුතු කරනු ලැබුවා.

තෙලඹියගම වැව් ඉස්මත්තට බැහැර කර තිබූ රජයේ ලේබල සහිත මෙම එන්නත් කුප්පි තොගය සම්බන්ධයෙන් එම ගම්වාසීන් විසින් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට කර තිබූ දැනුම්දීමක් අනුවයි මෙම විමර්ශන පැය 24ක් ගත වීමට පෙර සිදු කරනු ලැබුවේ.

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය අසිත කෝසල තනිප්පුලිආරච්චි ඇතුලු නිලධාරීන් පිරිසක් විසින් විමර්ශනයක් සිදුකර ඊට සම්බන්ධ සැකකරු හඳුනා ගැනුණා.

ඒ අනුව කලාවැව විජිතපුර ව්‍යාපාරික ස්ථානයක් මගින් එම එන්නත් කුප්පි තොගය මෙම ස්ථානයට බැහැර කර ඇති බවටයි හෙළිවුණේ.

විමර්ශනයේ දී අනාවරණය වූ කරුණු හා සාක්ෂි අනුව අදාළ ව්‍යාපාරිකයාට එරෙහිව 2017 අංක 2 දරණ උතුරුමැද පළාත් සභාවේ මහජන පීඩා වැළැක්වීමේ ප්‍රඥප්තිය යටතේ චෝදනා ගොනු කර එම සැකකාර ව්‍යාපාරිකයා ඉකුත් දා කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පියවර ගැනුණා.

ඒ අනුවයි අධිකරණය විසින් ඉහත නියෝගය නිකුත් කරනු ලැබුවේ.

මෙහි නඩුව යළිත් ලබන මස කැඳවීමට නියමිතයි.

WhatsApp Image 2023 10 31 at 12.43.47 1 1
WhatsApp Image 2023 10 31 at 12.43.47 2 1
WhatsApp Image 2023 10 31 at 12.43.47 4
WhatsApp Image 2023 10 31 at 12.43.49 1 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තවත් අත්ඩංගුවට ගන්නවා - උඹලා කෙඳිරි ගාන්නේ නැතුව ඉන්න
09:09
Video thumbnail
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය ගැන නලින්දගෙන් සැර කතාවක් - කඩාකප්පල්කාරි වැඩ මේ
04:38
Video thumbnail
රුක්මලේට ගිය නාමල්ට මිනිසුන්ගෙන් ලැබුණු ආදරය - මිනිස්සු නාමල්ව වට කරයි
02:18
Video thumbnail
මේකේ රන් පදක්කම හිමිවෙන්නේ නාමල්ට - අදින්න පුබ්බක නියායෙන් ආණ්ඩුව යන්නේ
07:10
Video thumbnail
වතු ජනතාව වතු ඉඩම්වලින් පන්නනවා - විපක්ෂ නායකගෙන් ප්‍රබල හෙළිදරව්වක්
11:38
Video thumbnail
උඹේ ජීවිතේ උඹ කරන අවසාන පෙරහැර මේක
01:27
Video thumbnail
චාමර සම්පත් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:44
Video thumbnail
මම KPI කතාකරන්නේ - උඹේ ජීවිතේ උඹ කරන අවසාන පෙරහැර මේක
01:50
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු - මාර මිනිස්සු තමයි..
01:33
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ගින්නෙන් පස්දෙනෙකුගේ දිවි අහිමි වෙයි - මෙන්න නවතම දර්ශන
02:25