spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැව් ඉස්මත්ත දූෂණය කළ ව්‍යාපාරිකයාට අධිකරණයෙන් අපූරු දඬුවමක්

මහජනතාවට පීඩාවක් ඇතිවන අයුරින් කැකිරාව – තෙළඹියගම වැව් ඉස්මත්තට ගෙනවිත් දමා තිබූ රජයේ ලේබල සහිත එන්නත් කුප්පි තොගය, කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලත් නියෝගයක් අනුව කැකිරාව සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ හා පොලිස් ආරක්ෂාව යටතේ ඒවා ගෙනැවිත් දැමූ බව කියන සැකකාර ව්‍යාපාරිකයාගේ පුද්ගලික වියදමෙන් නැවත ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; එම ව්‍යාපාරිකයා විසින් ම මීට පෙර ද එම ස්ථානයට මෙලෙස එන්නත් කුප්පි තොගයක් බැහැර කර තිබූ අතර; එම එන්නත් කුප්පි තොගය ද කැකිරාව පොලිස් ස්ථානයේ පරිසර අංශයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන විමර්ශන සිදු කරමින් පැවති බවයි.

කැකිරාව පොලිස් ස්ථානය භාරයේ පැවති එම එන්නත් කුප්පි තොගය ද අධිකරණයේ නියෝගය අනුව අදාළ ව්‍යාපාරිකයා විසින් මෙලෙස සිය වියදමෙන් ඉවත් කර දැමීමට කටයුතු කරනු ලැබුවා.

තෙලඹියගම වැව් ඉස්මත්තට බැහැර කර තිබූ රජයේ ලේබල සහිත මෙම එන්නත් කුප්පි තොගය සම්බන්ධයෙන් එම ගම්වාසීන් විසින් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට කර තිබූ දැනුම්දීමක් අනුවයි මෙම විමර්ශන පැය 24ක් ගත වීමට පෙර සිදු කරනු ලැබුවේ.

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය අසිත කෝසල තනිප්පුලිආරච්චි ඇතුලු නිලධාරීන් පිරිසක් විසින් විමර්ශනයක් සිදුකර ඊට සම්බන්ධ සැකකරු හඳුනා ගැනුණා.

ඒ අනුව කලාවැව විජිතපුර ව්‍යාපාරික ස්ථානයක් මගින් එම එන්නත් කුප්පි තොගය මෙම ස්ථානයට බැහැර කර ඇති බවටයි හෙළිවුණේ.

විමර්ශනයේ දී අනාවරණය වූ කරුණු හා සාක්ෂි අනුව අදාළ ව්‍යාපාරිකයාට එරෙහිව 2017 අංක 2 දරණ උතුරුමැද පළාත් සභාවේ මහජන පීඩා වැළැක්වීමේ ප්‍රඥප්තිය යටතේ චෝදනා ගොනු කර එම සැකකාර ව්‍යාපාරිකයා ඉකුත් දා කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පියවර ගැනුණා.

ඒ අනුවයි අධිකරණය විසින් ඉහත නියෝගය නිකුත් කරනු ලැබුවේ.

මෙහි නඩුව යළිත් ලබන මස කැඳවීමට නියමිතයි.

WhatsApp Image 2023 10 31 at 12.43.47 1 1
WhatsApp Image 2023 10 31 at 12.43.47 2 1
WhatsApp Image 2023 10 31 at 12.43.47 4
WhatsApp Image 2023 10 31 at 12.43.49 1 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?