වැලිගම සභාපති ඝාතන නඩුවේ සැකකරුවන් 07 දෙනෙක් රිමාන්ඩ් කරයි

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 07 දෙනෙක් ලබන මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියමකර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු වෙඩික්කරුගේ බිරිඳ ඇතුළු පිරිසක් මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත් එම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු වෙඩික්කරු සහ යතුරුපැදිකරු, දින අනූවක රැඳවුම් නියෝග මත පොලීසිය භාරයේ සිටින අතර එම සැකකරුවන් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කෙරුණේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්