spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැලිගම අයි.ඕ.සී.ඉන්ධන පිරවුම්හල අසල උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)

වැලිගම නගරයේ පිහිටි අයි.ඕ.සී.ඉන්ධන පිරවුම්හල අසල අද (02) උදෑසන පොලිසිය සහ ඉන්ධන ලබාගැනීමට පැමිණි පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

මීට පෙර ලබාදී තිබූ ටෝකන් පත් අනුව, ටෝකන් අනුපිළිවෙළට අද (02) උදෑසන සිට එහි ඉන්ධන නිකුත් කිරීමට කටයුතු කර තිබූ බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් ටෝකන් අනුපිළිවෙළට පරිභාහිරව අතර මැදි අංකයක් සහිත ටෝකන් පතක් රැගෙන පැමිණි මෝටර් රථයකට ඉන්ධන නිකුත් කළ නොහැකි බවත් එම ස්ථානයෙන් මෝටර් රථය ඉවත් කරගන්නා ලෙස රාජකාරියේ නිරත පොලිස් නිලධාරින් එහිදී පවසා තිබෙනවා.

එහිදී පොලිසිය සහ අදාල මෝටර් රථයේ රියදුරු අතර බහින් බස්වීමක් සිදුව ඇති අතර පසුව ඔහු පොලිසිය අත්අඩංගුට ගැනීමත් සමඟ තවත් පිරිසක් මොහු බේරාගැනීමට උත්සාහ කිරීමේදී මෙම උණුසුම් තත්ත්වය හටගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

https://youtu.be/hCGnbRV5vkA
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?