වැලිගම අයි.ඕ.සී.ඉන්ධන පිරවුම්හල අසල උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)

වැලිගම නගරයේ පිහිටි අයි.ඕ.සී.ඉන්ධන පිරවුම්හල අසල අද (02) උදෑසන පොලිසිය සහ ඉන්ධන ලබාගැනීමට පැමිණි පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

මීට පෙර ලබාදී තිබූ ටෝකන් පත් අනුව, ටෝකන් අනුපිළිවෙළට අද (02) උදෑසන සිට එහි ඉන්ධන නිකුත් කිරීමට කටයුතු කර තිබූ බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් ටෝකන් අනුපිළිවෙළට පරිභාහිරව අතර මැදි අංකයක් සහිත ටෝකන් පතක් රැගෙන පැමිණි මෝටර් රථයකට ඉන්ධන නිකුත් කළ නොහැකි බවත් එම ස්ථානයෙන් මෝටර් රථය ඉවත් කරගන්නා ලෙස රාජකාරියේ නිරත පොලිස් නිලධාරින් එහිදී පවසා තිබෙනවා.

එහිදී පොලිසිය සහ අදාල මෝටර් රථයේ රියදුරු අතර බහින් බස්වීමක් සිදුව ඇති අතර පසුව ඔහු පොලිසිය අත්අඩංගුට ගැනීමත් සමඟ තවත් පිරිසක් මොහු බේරාගැනීමට උත්සාහ කිරීමේදී මෙම උණුසුම් තත්ත්වය හටගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

https://youtu.be/hCGnbRV5vkA


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ඇතුලට ගියොත් තමයි පොහොට්ටුවට ජයවෙන්නේ
11:27
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට - "කෙ#වන්න පටන් ගන්නේ අද..අනුර කුමාරට බුදුම සරණයි"
06:29
Video thumbnail
අධිකරණයට අත තියලා, දිනපු එකෙක් නෑ ඉඳලා
04:42
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ඇවිත් මුල්ලටවෙලා දුම් පානය කරන සිසුන් - කවුද මේ දුම්වැටි විකුණන්නේ ?
01:30
Video thumbnail
ජනපති තීන්දු දන්නේ කොහොමද ?දිව්‍ය ඥානය තියෙනවද ?ජනමත විචාරණය ගැන මීක් සද්දයක් නෑ
06:07
Video thumbnail
සජිත්ට සල්ලි ටික දෙන්න, ඔයාලට වඩා හොඳට වැඩ කරලා පෙන්නයි
02:39
Video thumbnail
රාජපක්ෂ පවුලට දවස් 7ක් මදි වෙලා දැන්
00:51
Video thumbnail
නාමල් ගැන ඒ බය තියාගත්තා නම් ඇති
08:58
Video thumbnail
ලැට් හවුස් නෙවෙයි - වරදවා තේරුම් ගන්න එපා - ලැටිමා හවුස් ප්‍රින්සිපල් එක කුඩු පට්ටම් කරලා තියෙන්නේ
10:01
Video thumbnail
ජනාධිපතිතුමා රටේ මිනිස්සුන්ට අපහාසයක් කළේ - අජිත් ගේම ඉල්ලයි
13:48