spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැල්ලවත්තේ මහල් ගොඩනැඟිල්ලකින් වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ගාලුපාර, වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි මහල් ගොඩනැඟිල්ලකින් වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ගොඩනැඟිල්ල ඉදිකිරීම් කටයුතු සිදුකරමින් සිටි සේවකයෙක් බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා ඊයේ (13) සවස් කාලයේ එම ගොඩනැඟිල්ලේ 08 වන මහලෙන් ඇඳ වැටී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මියගිය පුද්ගලයා 34 හැවිරිදි කරඳගොල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයාගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
0
+1
1
+1
25
+1
6
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?