වැරදි ඔත්තුවකින් අහිමි වුණු වටිනා ජීවිතය – සැකකරු අද අධිකරණයට

කළුතර – පනාපිටියේ දී පුද්ගලයෙකුගේ නිවසට ඇතුල් වී ඝාතනය කළ අපරාධ කල්ලියේ ප්‍රධාන සැකකරු, එම ඝාතනයට යොදාගත් තියුණු ආයුධ සහ එම ඝාතනය සිදු කිරීමට පැමිණි ත්‍රීරෝද රථය ද සමග කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ජුනි මස 07 වැනි දා මෙම ඝාතනයට ලක් වූයේ කළුතර ප්‍රාදේශීය සභාවේ සේවය කරමින් සිටි අයෙක්.

මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ ඝාතනය සිදු කළ පුද්ගලයා කළුතර – මින්නේරිතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් ඔහු ඊයේ (12) දින මින්නේරිතැන්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයේ දී එම ඝාතනය සඳහා යොදාගත් තියුණු ආයුධ දෙකක් , ත්‍රීවිල් රථය ද එම ප්‍රදේශයේ ළඳු කැලෑවක සඟවා තිබියදී පොලිස් භාරයට ගැනුණා.

අදාළ ඝාතනයට වාද්දුව ප්‍රදේශයේ සිට ත්‍රීවිල් රථයක හය දෙනෙකු පැමිණ ඇති අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට විදෙස් රටක සැඟව සිටින කළුතර ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත පුද්ගලයෙකු ලබා දුන් තොරතුරකට අනුව සිදු කළ ඝාතනයක් බවත්, හෙළි ව තිබෙනවා.

කෙසේවෙතත් ඝාතනයට ලක් වූ තැනැත්තා අපරාධකරුවන්ට වැරදීමකින් සිදු වූ ඝාතනයක් බවත්, ඝාතකයින් බීමතින් සිටි බැවින්, ඔවුන්ගේ ඉලක්කයට ලක් ව සිටි තැනැත්තාගේ නිවස වෙනුවට පෙන්වා ඇත්තේ වෙනත් අයෙකුගේ නිවසක් බවත්, මරණකරු කිසිදු චෝදනාවකට හෝ සම්බන්ධ අයෙකු නොවන බවත් පොලිසිය හෙළි කරගෙන ඇති බවයි පැවසෙන්නේ.

ඝාතනයට සම්බන්ධ වූ සෙසු පුද්ගලයින් ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා මීට පෙර ද මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් බරපතළ චෝදනා රැසකට ලක් වූ අයෙක් බවයි හෙළි ව ඇත්තේ.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අද (13) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගමින් සොයාගත් මත්ද්‍රව්‍ය උර පරික්ෂා කරන අයුරු - නාකොටික් DIGත් ඇවිත්
01:15
Video thumbnail
වැහි පිට වැහි දාහක් වැස්සත් පා ගමන යනවා - තොපි තව පලයල්ලා මිථ්‍යා දුෂ්ටිකයින්ගේ දානේවලට
03:56
Video thumbnail
මහින්දට බිරිඳගේ රැකවරණය අවශ්‍යම මොහොතක ආණ්ඩුව මේක කළේ ?බිරිඳ ඉන්න ඕනි බෙහෙත් ටික හරි දෙන්න
04:32
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59
Video thumbnail
කප්පරතොට වෙරළ තීරයෙන් හමුවූ මත්ද්‍රව්‍ය උර - හතර වටේටම STF එකෙන් බහියි
02:34
Video thumbnail
අත්අඩංගුවට ගැනීම් කරන්නේ ඔවුන්ගේ නොහැකියාව වහගන්න - ජනපති බොරු කියමින් රට වටේ යනවා
03:24