වැඩ සිටි පන්සල සුද්ද කළ ගෝල හිමි පොලිස් අත්අඩංගුවට

කටුගස්තොට, හල්ලොලුව සාරානාත් පිරිවෙන් විහාරස්ථානයේ තිබූ රුපියල් ලක්ෂ 15 කට අධික භාණ්ඩ සොරකම් කළ බව කියන එම විහාරස්ථානයේ ම හිමිනමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම විහාරස්ථානයේ නායක හිමියන් විසින් පොලිසියට සිදුකළ ලද පැමිණිල්ලකට අනුවයි අදාළ ගෝල හිමිනම අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු හිමිනමගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී එලෙස සොරාගත් භාණ්ඩවලින් කොටසක් කටුගස්තොට ප්‍රදේශයේ පූජා භාණ්ඩ අලෙවිසැලකට විකුණා තිබිය දී සොයාගෙන තිබෙනවා.

තවත් කොටසක් එම ගෝල හිමිනමගේ ඥාතියෙකුගේ නිවසක සඟවා තිබිය දී සිය භාරයට ගත් බවයි කටුගස්තොට පොලිසිය පැවසුවේ.

පොලිසිය විසින් එලෙස සොයාගත් භාණ්ඩ අතර සුදු යකඩ පාත්තර 50ක්, පිත්තල පහන්, පිත්තල බන්දේසි, සිවුරු තොගයක්, පිරිවෙනේ ඉගැන්වීම් කටයුතු සඳහා උපයෝගී කරගන්නා බෆල් 24ක්, ශබ්ද පරිපාලන උපකරණ 05ක්, මීටර 200 වයර් රෝල් හතරක්, පිත්තල බුලත් තට්ටු ඇතුළු භාණ්ඩ රැසක් ඇතුළත්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ කඳුළු කතාව කාටවත් පේන්නේ නෑ..ඇහෙන්නේ නෑ - අනුන්ටම පිහිට වුණු ජීවිත අපි
12:24
Video thumbnail
මොරටුව ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති
01:29
Video thumbnail
අනේ ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට
01:21
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු
00:22
Video thumbnail
නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
00:40
Video thumbnail
මුළු පාරම වතුරෙන් වැහිලා ගිහින්
00:31
Video thumbnail
කළු ගඟේ ජලය බැසයාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්
00:33