spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැඩ බලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ බී.පී.අලුවිහාරේ පත් කෙරේ

අගවිනිසුරු ධුරයේ වැඩ බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ බී.පී.අලුවිහාරේ පත්කර තිබෙනවා.

අගවිනිසුරු, ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය විදේශගත වීමට හේතුවෙන් 2022.10.08 දින සිට 2022.10.13 දින දක්වා වන කාලසීමාව තුළ එම ධුරයේ වැඩ බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ බී.පී. අලුවිහාරේ මෙලෙස පත් කරනු ලැබුවා.

එම ධුරයේ වැඩ බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ බී.පී.අලුවිහාරේ පත් කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයට පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය ද පසුගිය 06 වනදා හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?