වැඩි මිලට බෙහෙත් වික්ක පෞද්ගලික රෝහලක අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගන්න නියෝග

නරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියෙකුට අධික මිලකට ඖෂධ ලබා දී තිබෙන නඩු විභාගය වෙනුවෙන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් එම අධ්‍යක්ෂ මණ්ඩලයට මෙම නියෝගය නිකුත්කරනු ලැබුවා.

ඒ, අනුව නරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි අදාළ පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවේ.

නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් නරාහේන්පිට ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට සහ එහි අධ්‍යක්ෂවරුන්ට එරෙහිව පවරා ඇති තිබු නඩුවේදී මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගය දෝෂ සහගතද? නැද්ද? යන්න පිළිබඳ අදාළ පෞද්ගලික රෝහලක් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන්, ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙනුවෙන් නීතීපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය සහ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රංජිත් හීල්ලගේ ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කර තිබෙනවා.

මෙම නඩුවට අදාළව ප්‍රධාන පෙළේ එම පෞද්ගලික රෝහලක අධ්‍යක්ෂවරුන්ට සහ රෝහලේ සේවිකාවකට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ ලෝචනි අබේවික්‍රම මහත්මිය නොතිසි නිකුත් කිරීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා අදාළ රෝහල අභියාචනාධිකරණයේ පවරා තිබූ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව කැඳවනු ලැබුවා.

නුගේගොඩ හයිලෙවල් පාරේ පදිංචි සනත් කුමාර අතුකෙකා්රල නැමැත්තා සෞඛ්‍ය අමාත්‍යංශයට කරන ලද පැමිණිල්ලකින් අනතුරුව ජාතික ඖධෂ නියාමන අධිකාරියේ ආහාර ඖෂධ පරීක්ෂකවරයා විසින් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධ්‍යක්ෂවරුන්ට එරෙහිව නඩු පවරා තිබුණා.

2023 පෙබරවාරී 07 වැනිදාත් 19 වැනිදාත් අතර කාලය තුළ නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සමරකෝන් මුදියන්සේලාගේ මන්ත්‍රී කුමාරිහාමි නැමත්තියට උපරිම සිල්ලර මිලක් නියම කර ඇති ඖෂධ එම උපරීම සිල්ලර මිලට වඩා වැඩිමිල ගණන් යොදා මුදල් අයකළ බවට ඖෂධ නියාමන අධිකාරි පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 11ක් යටතේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් නඩුව ගොනුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21