වැඩිම දෛනික රෝගීන් සංඛ්‍යාව වාර්තා කරමින් ඊයේ

එක් දිනක් තුළදී මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී සටහන් වුණා.

ඒ, අනුව නව ආසාදිතයින් අටසිය අනූ දෙදෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබූ අතර, දේශීය වශයෙන් හඳුනා ගැනුණු ආසාදිතයින් 852 ක් ඒ අතර වනවා.

එසේම, විදේශ රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් 40 දෙනෙකුද කොරෝනා ආසාදිතයින් ලෙස ඊයේ හඳුනා ගැනුණා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 33 දෙනෙකු සහ ඕමානයේ සිට පැමිණි 07 දෙනෙකු ඒ අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දේශීය වශයෙන් ඊයේ හඳුනා ගැනුණු ආසාදිතයින් අටසිය පනස් දෙදෙනාද සමඟින් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුර මේ වනවිට 57,630 ක් ලෙස සටහන් වනවා.

දිවයිනේ රෝහල් කිහිපයක ආසාදිතයින් 6,854 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. ඊයේ දිනයේදී ආසාදිතයින් 1,869 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ 54,435 ක් ලෙසයි.

තවත් කොරෝනා මරණ 07 වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 297 දක්වා ඉහළ ගියා.

ඉන් මරණ 04 ක් කොළඹින් වාර්තා වූ අතර, ගම්පහ සහ රත්නපුර ප්‍රදේශවලින් සෙසු මරණ වාර්තා වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

කොළඹ 06 ප්‍රදේශයේ පදිංචි 86 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ඉත්තෑපාන රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇති අතර, පසුව හඳුනා ගැනුණේ ඔහු කොරෝනා ආසාදනය වීමත් සමඟ උග්‍ර වූ දියවැඩියාව සහ අධි රුධිර පීඩන තත්ත්වය හේතුවෙන් මෙලෙස මියගොස් ඇති බවයි.

එම ප්‍රදේශයේම පදිංචි 67 හැවිරිදි කොරෝනා ආසාදිත කාන්තාවක්ද මියගිය අතර, ඇය කොවිඩ් නියුමෝනියාව සහ උග්‍ර වූ ඇදුම රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබුණා.

එමෙන්ම, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මුල්ලේරියාව රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබුණේ උග්‍ර කොවිඩ් නියුමෝනියා තත්ත්වය සමඟ ඇති වූ හෘදය අක්‍රීය වීම හේතුවෙන්.

මීට අමතරව 61 හැවිරිදි බන්ධනාගාර රැඳවියෙකු කොළඹ ජාතික රෝහලේදී මියගොස් ඇති අතර, ඒ කොවිඩ් නියුමෝනියා තත්ත්වයත් සමඟ ඇති වූ හෘදයාබාධයක් සහ උග්‍ර වූ දියවැඩියා තත්ත්වය හේතුවෙන්.

එමෙන්ම, ගම්පහ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්ද ඊයේ සිය නිවසේදී මියගොස් තිබෙනවා.

පසුව අනාවරණ වී ඇත්තේ කොවිඩ් ආසාදනය වීමත් සමඟ ඇති වූ හෘදයාබාධ තත්ත්වය, දියවැඩියාව සහ අධිරුධිර පීඩනය හේතුවෙන් එම පුද්ගලයා මියගිය බවයි.

කොවිඩ් නියුමෝනියා තත්ත්වයත් සමඟ ඇති වූ වකුගඩු රෝගී තත්ත්වය හේතුවෙන් එඩේරමුල්ල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද මියගොස් ඇති බව ඊයේ වාර්තා වුණා.

මීට අමතරව රත්නපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගල්ලෑල්ල ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි කාන්තාවක්ද මියගොස් ඇති අතර, ඒ, උග්‍ර වූ හෘද රෝගී තත්ත්වය, ලේ විෂවීම සහ කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන්.

මේ අතර, ඕස්ට්‍රේලියානු ලෝවි ආයතනය මගින් සිදුකළ නව විශ්ලේෂණයකට අනුව කොරෝනා වෛරස් වසංගතය පාලනය කිරීම සඳහා සාර්ථක ප්‍රතිචාර දැක්වූ ලොව ප්‍රමුඛ රටවල් දහය අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් බව ඊයේ ප්‍රකාශ කෙරුනා.

මේ සම්බන්ධත්‍යන් හිරු ප්‍රවෘත්ති අංශය සිදු කළ විමසීමකදී කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ මෙරට තුළ කොරෝනා වෛරසය මුළුමනින්ම තුරන් කිරිම ප්‍රධාන අරමුණ බවයි.

කෙසේ වෙතත්, කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව සැලකූ විට දැන් ශ්‍රී ලංකාව සිංගප්පූරුවද අභිබවා ගොස් තිබෙනවා. 61,586 ක් වන මෙරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව සැලකූ විට සිංගප්පූරුවේ ආසාදිත සංඛ්‍යාව 59,425 ක් ලෙසයි සටහන් වන්නේ.

මීට පෙර ශ්‍රී ලංකාව ආසාදිත සංඛ්‍යාව අතින් සිංගප්පූරුවට පසුපසින් 93 වන ස්ථානයේ රැඳී සිටියද දැන් සිංගප්පූරුව සහ මොන්ටිනීග්‍රෝ අභිබවා 91 වන ස්ථානයට පැමිණ තිබෙනවා.

එමෙන්ම, ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා මරණ 297 සැලකූ විට සිංගප්පූරුවෙන් වාර්තා වන්නේ කොරෝනා මරණ 29 ක් පමණයි.

මේ අතර, ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා වවුනියාවේ පිහිටි ත්‍රස්ත මර්දන ඒකකය අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 16 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔවුන් කළුතර ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකර ඇති බවයි ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.  

එසේම පොළොන්නරුව – ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අභයපුර පිහිටි පුද්ගලික ඇඟලුම් කර්මාන්තශාලාවකින් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 40 දක්වා ඉහළ ගොස් තිබෙන අතර අදාළ ඇඟලුම් කර්මාන්තශාලාව ලබන සඳුදා දක්වා වසා දැමුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාපලගම සලිත කළ නිසල සිරුර
00:33
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය
01:01
Video thumbnail
ඝා#නයකට පැමිණි සැකකරුවෙක්ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
00:42
Video thumbnail
පරාජිත දේශපාලන කඳවුර ඥානසාර හිමිගේ ජම්පරයේ එල්ලිලා ගේම් ගහන්න හදනවා
08:22
Video thumbnail
ඉන්ධන, තාප බලාගාර මාෆියාවේ ඒජන්තකරුවෙක් වෙලා - මේක බරපතළ අසාධාරණයක්
09:41
Video thumbnail
මේක පාර්ලිමේන්තුවේ කියන්න මට වරමක් නෑ - අපේ කතා කිරීමේ අයිතිය නතර කරනවා
05:10
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන ජනපතිතුමා මහානායක හාමුදුරුවරුන්ට කිව්ව දේ..
12:23
Video thumbnail
හදිසි පරීක්ෂාවකදී ඝා#නයකට පැමිණි සැකකරුවෙක් ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
01:01
Video thumbnail
ටෝම්පච කෙළින්න එපා - වී කිලෝවකට රු.150ක් අපි ඉල්ලුවේ නෑ
04:02
Video thumbnail
"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට කියලා තිබ්බා"ඉදුරාගල දම්ම රතන හිමිගෙන් ප්‍රබල අනාවරණයක්
27:22