උත්සව සමය වෙනුවෙන් ඉහළ නැංවූ ඉන්ධන කෝටාව යළි දැනුම් දෙන තුරු වෙනසක් නොකර පවත්වාගෙන යාමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පැවති ඛනිජ තෙල් සංස්ථා ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම තීරණය ගැනුණා.
මේ අතර ඉන්ධන කෝටාව ඉහළ නැංවීමෙන් පසු QR කේතය අවභාවිත කිරීම සැළකිය යුතු ලෙස පහළ ගොස් ඇති බවයි නිරීක්ෂණය වී ඇත්තේ.
ඉන්ධන කෝටාව ඉහළ දැමීම හේතුවෙන් මාසික ඉන්ධන සැලසුමේ වෙනසක් නොවන බවට නිරීක්ෂණය වී ඇති බවයි ප්‍රගති සමාලෝචන රැස්වීමේදී වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1













