spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැඩිකල සමෘද්ධි දීමනාව අද සිට

දිවයින පුරා සමෘද්ධි ප්‍රතිලාභීන් හට වැඩි කල 28% ක සමෘද්ධි දීමනාව ලබා දීම අද සිට ආරම්භ වනවා.

ඒ අනුව 2022 වර්ෂය තුල සමෘද්ධි ප්‍රතිලාභීන් සදහා දීමනා ලබා දීමට රුපියල් මිලියන 65,000 ක මුදලක් වැය කිරීමට රජය අපේක්ෂා කර තිබෙනවා.

මෙතෙක් රුපියල් 3500 ක දීමනාවක් ලබා ගත් පවුල් ඒකකයක් රුපියල් 4500 ක දීමනාවක් ලබන්නෙකු බවටත්, රුපියල් 2500 ක දීමනාවක් ලබා ගත් පවුල් ඒකකයකට රුපියල් 3200 ක දීමනාවක්ද ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

මීට රුපියල් 1500 ක දීමනාවක් ලබා ගත් පවුල් ඒකකයක් රුපියල් 1900 ක දීමනාවක්ද ලබන බවයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා දැනුම් දෙන්නේ.

ඒ අනුව සමෘද්ධි ප්‍රතිලාභීන් ලෙස දිවයින පුරා සිටින දාහත් ලක්ෂ හැට හත්දහසක පවුල් ඒකක සංඛ්‍යාවක් සදහා මෙලෙස වැඩි කල 28% ක සමෘද්ධි දීමනාව ලබා දීම අද සිට අරම්භවනු ඇති.

මේ අතර ඊයේ මාතර දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකදී ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාද අදහස් පළකලා.

වර්තාමානයේ ආර්ථික අර්බුද රැසකට මුහුණ දෙන අවස්ථාවක පවා මේ ආකාරයේ සහන ලබා දීමට ආණ්ඩුව කටයුතු කිරීම වැදගත් යැයි ජනතාව තේරුම්ගත යුතු බවයි අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?