වැඩිකල සමෘද්ධි දීමනාව අද සිට

දිවයින පුරා සමෘද්ධි ප්‍රතිලාභීන් හට වැඩි කල 28% ක සමෘද්ධි දීමනාව ලබා දීම අද සිට ආරම්භ වනවා.

ඒ අනුව 2022 වර්ෂය තුල සමෘද්ධි ප්‍රතිලාභීන් සදහා දීමනා ලබා දීමට රුපියල් මිලියන 65,000 ක මුදලක් වැය කිරීමට රජය අපේක්ෂා කර තිබෙනවා.

මෙතෙක් රුපියල් 3500 ක දීමනාවක් ලබා ගත් පවුල් ඒකකයක් රුපියල් 4500 ක දීමනාවක් ලබන්නෙකු බවටත්, රුපියල් 2500 ක දීමනාවක් ලබා ගත් පවුල් ඒකකයකට රුපියල් 3200 ක දීමනාවක්ද ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

මීට රුපියල් 1500 ක දීමනාවක් ලබා ගත් පවුල් ඒකකයක් රුපියල් 1900 ක දීමනාවක්ද ලබන බවයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා දැනුම් දෙන්නේ.

ඒ අනුව සමෘද්ධි ප්‍රතිලාභීන් ලෙස දිවයින පුරා සිටින දාහත් ලක්ෂ හැට හත්දහසක පවුල් ඒකක සංඛ්‍යාවක් සදහා මෙලෙස වැඩි කල 28% ක සමෘද්ධි දීමනාව ලබා දීම අද සිට අරම්භවනු ඇති.

මේ අතර ඊයේ මාතර දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකදී ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාද අදහස් පළකලා.

වර්තාමානයේ ආර්ථික අර්බුද රැසකට මුහුණ දෙන අවස්ථාවක පවා මේ ආකාරයේ සහන ලබා දීමට ආණ්ඩුව කටයුතු කිරීම වැදගත් යැයි ජනතාව තේරුම්ගත යුතු බවයි අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14