spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැඩබලන පොලිස්පති දේශබන්දු වැඩ අරඹයි

පොලිස්පති ධුරයෙහි වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් පත් වුණ දේශබන්දු තෙන්නකෝන් සිය රාජකාරී කටයුතු අද දිනයේ දී භාරගත්තා.

අද පෙරවරුවේ දී සුබ මොහොතින් වැඩබලන පොලිස්පතිවරයා සිය ධුරයෙහි රාජකාරී කටයුතු භාර ගැනීම සිදු කළා.

මෙම අවස්ථාව පොලිස් මූලස්ථානයේ දී පැවැත්වුණු බවයි වාර්තා වන්නේ.

ඊට සර්ව ආගමික වතාවත් මධ්‍යයේ මෙම රාජකාරී කටයුතු භාර ගැනීම සිදු වූ බවත්; ඒ සඳහා උසස් පොලිස් නිලධාරීන් රැසක් ද එක් ව සිටි බවත් වාර්තා වනවා.

ඊයේ දහවල් කාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි තෙන්නකෝන් මහතා ව වැඩබලන පොලිස්පති ධුරයට උසස් කරනු ලැබුවේ.

ඒ සිව් වරක් ධුර කාලය දීර්ඝ කිරීමකට ලක් ව සිටි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විශ්‍රාම යාමෙන් පසුවයි.

කෙසේවෙතත් නව වැඩබලන පොලිස්පතිවරයාට අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගෙන් බලවත් අප්‍රසාදයක් හිමි ව තිබෙනවා.

කාදිනල් හිමියන් චෝදනා කරන්නේ අධිකරණයේ අපරාධ නඩු විභාග වන අයෙකු හට මෙවැනි ආකාරයේ රටේ වැදගත් තනතුරු පිරිනැමිය නොහැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
4
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?