වැඩබලන පොලිස්පති දේශබන්දු වැඩ අරඹයි

පොලිස්පති ධුරයෙහි වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් පත් වුණ දේශබන්දු තෙන්නකෝන් සිය රාජකාරී කටයුතු අද දිනයේ දී භාරගත්තා.

අද පෙරවරුවේ දී සුබ මොහොතින් වැඩබලන පොලිස්පතිවරයා සිය ධුරයෙහි රාජකාරී කටයුතු භාර ගැනීම සිදු කළා.

මෙම අවස්ථාව පොලිස් මූලස්ථානයේ දී පැවැත්වුණු බවයි වාර්තා වන්නේ.

ඊට සර්ව ආගමික වතාවත් මධ්‍යයේ මෙම රාජකාරී කටයුතු භාර ගැනීම සිදු වූ බවත්; ඒ සඳහා උසස් පොලිස් නිලධාරීන් රැසක් ද එක් ව සිටි බවත් වාර්තා වනවා.

ඊයේ දහවල් කාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි තෙන්නකෝන් මහතා ව වැඩබලන පොලිස්පති ධුරයට උසස් කරනු ලැබුවේ.

ඒ සිව් වරක් ධුර කාලය දීර්ඝ කිරීමකට ලක් ව සිටි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විශ්‍රාම යාමෙන් පසුවයි.

කෙසේවෙතත් නව වැඩබලන පොලිස්පතිවරයාට අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගෙන් බලවත් අප්‍රසාදයක් හිමි ව තිබෙනවා.

කාදිනල් හිමියන් චෝදනා කරන්නේ අධිකරණයේ අපරාධ නඩු විභාග වන අයෙකු හට මෙවැනි ආකාරයේ රටේ වැදගත් තනතුරු පිරිනැමිය නොහැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39