වැටුණු කණ්ඩායම් නැඟී සිටවූ ස්ටුවර්ට් ලෝ නේපාලයේ ප්‍රධාන පුහුණුකරු ධුරයට

නේපාල ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වයට හිටපු ඔස්ට්‍රෙලියානු පිතිකරුවෙකු වන ස්ටුවර්ට් ලෝ පත් කර තිබෙනවා.

ඒ අනුව ස්ටුවර්ට් ඉදිරි දෙවසරක කාලයක් සඳහා නේපාල කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති.

මීට පෙර නේපාල ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිත්වය දරා තිබුණේ මොන්ටි දේසායි විසින්.

මොන්ටිගේ කොන්ත්‍රාත් ධුර කාලය මෙම වසරේ පෙබරවාරි මාසයෙන් අවසන් වුණා.

ස්ටුවර්ට් ලෝ හට පුහුණුකරුවෙකු ලෙස අත්දැකීම් රාශියක් ඇති අයෙක් ලෙසයි සැලකෙන්නේ.

අමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද මීට පෙර කටයුතු කළේ ස්ටුවර්ට් විසින්.

එමෙන්ම බංග්ලාදේශ, බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම්වල ද ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ද අතිරේක ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස ස්ටුවර්ට් ලෝ කටයුතු කළා.

බංග්ලාදේශ 19 න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරමින් 2012 වර්ෂයේ දී බංග්ලාදේශය ඔවුන්ගේ පළමු ආසියානු කුසලාන අවසන් මහා තරගයට ගෙන යාමට ද ස්ටුවර්ට් ලෝ සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56