වාහනයකින් පැමිණි සිසුන් පිරිසක් අසල්වැසි පාසලක සිසුන්ට පහරදීලා (ඡායාරූප)

බුත්තල – පැල්වත්ත විද්‍යාලයේ සිසුන් පිරිසක්, බුත්තල – යුදගනාව විද්‍යාලයේ සිසුන් පිරිසකට අද (20) උදෑසන පහරදීමේ සිදුවීමක් වාර්තා වනවා.

පැල්වත්ත විද්‍යාලයේ සිසුන් පිරිස වාහනයකින් යුදගනාව විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුව අසළටම ගොස් මෙම පහරදීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පෞද්ගලික ආරවුලක් මුල් කරගනිමින් මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සිද්ධියට සම්බන්ධ පාසල් දෙකෙහිම සිසුන් බුත්තල පොලිස් ස්ථානය වෙත කැඳවා ප්‍රකශ සටහන් කරගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?