වාහනයක් තියෙන, වාහනයක් ගන්න ඉන්න ඔබටයි මේ විස්තරේ

අද හුඟක් වෙලාවට හැම ගෙදරකම වගේ වාහනයක් තියෙනවා.

වාහනයක් පැදෙව්වට, ඒ වාහනේ නැගලා ගියාට ඔබට මේ වාහන ගැන ලොකු අවබෝධයක් නැති වෙන්න පුළුවන්.

හැබැයි පොඩි හරි දැනීමක් වාහන ගැන තියාගන්න එක හොඳයි නේද..?

ඉතිං ඔබට වැදගත් වෙයි කියලා හිතුන තොරතුරු වාගයක් මේ විදිහට අපි ඔබට ගෙන ආවා..

1. වාහනය ගෙදර ගරාජ් එකේ ස්ථිරව නවත්තලා තියෙනකොට හෑන්ඩ් බ්‍රේක් ඇදල තියන්න එපා.

ඔටෝ එකකනම් P එකේ හෝ මැනුවල් එකක් නම් ෆස්ට් එකේ තියන්න. පරණ වාහන වල බ්‍රේක් බදනවා… කෝපි බීලා ටොයිලට් ගියා වගේ තමා

2. වාහනේ කවදාවත් කවරෙකින් වහන්න එපා. ඕවට උන හෙම්බිරිස්සාව හැදෙන්නේ නෑ පොරවන්න. කවරෙකින් වැහුවහම ඒක පේන්ට් එකට ටච් වෙලා වෙන හානිය වැස්සට තෙමෙනවට වඩා වැඩී

3. ලංකාවේ මේ කාලේ වහින්නේ ඉතිහාසේ වැස්සටත් වඩා ධාරානිපාත වැහි. වාහන තද වැස්සේ දාවනය හැකිතාක් අවම කරන්න

4. වයිපර් බ්ලේඩ් කොප්පරා කෑලි වගේ වෙනකම් ඉන්නේ නැතුව අතගාලා බලලා කලු පාට කුඩු කැඩෙනවනම් මාරු කරලා දාන්න. වීදුරුව පරිස්සම් වෙනවා.

5. නිතරම වයිපර් බ්ලේඩ් පිරිසිදු කරන්න. එක දිගට නවත්තලා තියෙනවනම් වයිපර් උස්සලා තියන්න

6. අව්වේ නවත්තනකොට වීදුරු සෙන්ටිමීටර භාගයක් විතර බාන්න. එකක් දෙකක් ඇරියහම ඇති. නැත්නම් එනකොට වාහනේ නැතිව තියෙයි

7. ඔය අලුත් කාර් වල තියෙන බල්බ් සේරම ගලවලා විසිකරල LED දාන්න. ගාණත් අඩුයි කල් පැවැත්මත් හොදයි බැටරියටත් හොදයි

8. අලුත් කාර් වල බෆර් වල පොඩි සීරීමක් වුණාම පිස්සුවෙන් වගේ ගිහින් පේන්ට් කරන්නනම් එපා. පොටි අදිනවා කියන්නේ ඒ බෆර් එක එතනින් ඉවරයි. ආයේ යන්තම් හෙලවුනත් පුපුරු ගහනවා. ඒ නිසා බෆර් වගේ ඒවා පොටි ඇදලා පේන්ට් කරද්දි කරන්න ඕනෙමද කියලා දෙපාරක් හිතන්න

9. SUV හැර අනෙක් කාර් කැඩිච්ච පාරවල් වල දාද්දිනම් හොදට හිතන්න. ඔය ඇලියොන් ප්‍රිමියර් ගල් ගොඩක ගියත් සැප වුණාට මුලු කාර් එකම ඉවරයි

10. පෙට්‍රල් ගහද්දි ෆුල් ටෑන්ක් ගහලා 1/4 අඩු වෙද්දි ආයේ ගහන්න පුරුදු වෙන්න.

අලුත් ඒවගේ පෙට්‍රල් පම්ප් එහෙම ගිල්ලලා තියෙන්නේ. ඒ නැතත් ෆුල් ටෑන්ක් ටු ෆුල් ටෑන්ක් ගහද්දි වාසි ගොඩයි

11. කි.මි. ලක්ෂෙන් විතර බ්‍රේක් ලයිනර් / ශූස් දාන වෙලාවක ඒවා ඔබල නිකන් ඉන්නේ නැතුව ඩ්‍රම් ඩිස්ක් පේස්ට් කරන්න. අනිවාරෙන් මේක කරන්න ඕනේ. ඒ ගමන්ම බ්‍රේක් සිලින්ඩර් සේරම හොදට බලන්න ලාවට ලීක් එහෙම තියෙනවද කියල.

12. වාහනවල බ්‍රේක් සිලින්ඩරෙන් හුලන් යවද්දි බාස්ලා ඔටුවෝ වගේ නිපල් එකට යතුර තියල නිකන් කරකවනවනම් ගන්න වීල් බ්‍රස් එක අතට. අනිවාරෙන් නිපල් එකට රබර් බට කෑල්ලක් ගහලා කරන්න කියන්න. ඇලෝවීල්වල බ්‍රේක් ඔයිල් විසිවෙන ඒවා රැදිල තිබිලා වැටුණොත් ඉවරයි..

13. අඹ ගස් යට නවත්තන්න එපා. වව්ලෝ ඉන්න ගස් යට නවත්තන්න එපා. කුරුල්ලෝ ජරා කරන තැන්වල නවත්තන්න එපා.

14. කාර් එක නිතරම යට වදිනවනම් බේරන්නම බැරිනම් ස්පේසර් හතරක් දාන්න..

15. රේඩියේටරේ කාලයක් යද්දි ගලවලා ෆ්ලශ් කරලා දාන්න.

16. ෆියුස් ගිහාම එහෙම බොරුවට සේරම ගලව ගලව බලලා සොකට් බුරුල් කරගන්න එපා. පෙට්ටියේ කවරෙන් බලලා අදාල ෆියුස් එක විතරක් ගලවලා දාන්න

17. පිරිමියෙක් නම් රැචට් ටිකක්, සොකට් ටිකක්, අඩු මිටි ටිකක් ළඟ තියාගන්න.

18. සර්විස් එකටම රින්ගන්න එපා වාහනේ හෝදන්න, බූමිතෙල් දාලා අතුල්ලලා හයිප්‍රෙශර් ගහනවා කියන්නේ පේන්ට් එක ඉවරයි. කාචර් හරි බ්ලැක් ඇන්ඩ් ඩෙකර් හරි ප්‍රෙශර් ගන් එකක් අරන් ගෙදර වැඩකරන කෙනෙකුට කියල හෝදන්න, එහෙම කෙනෙක් නැත්නම් තමන් හෝදගන්න

19. විශේෂයෙන්ම – ඇන්ජිම කියන්නේ ඇන්ජිම. ඕක හෝදන්න සුද්ද කරන්න යන්න එපා. ඔයිල් ග්‍රීස් දූවිලි තිබුණාවේ. ඒවා තියෙද්දි දුවන්න, සුද්ද කරන්න එපා.

උපුටා ගැනීමකි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12