වාස් ගුණවර්ධන ඇතුළු පිරිසකට එල්ල වූ චෝදනාවට හිමි වූ මරණ දණ්ඩනය ස්ථිර වෙයි

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් සයදෙනෙකුට එල්ල වූ චෝදනාවලට හිමි වූ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ නියෝගය අද (08) දිනයේ දී ස්ථීර කර තිබෙනවා.

අධිකරණ ආරංචි මාර්ග පවසන පරිදි මෙම චූදිතයින් සයදෙනා හට අදාළ තීන්දුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි ලබා දෙනු ලැබුවේ.

2013 වසරේ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු පිරිසට මරණ දණ්ඩනය හිමි වුණා.

මෙලෙස මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පැනවූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද තහවුරු කෙරුණු බවයි වාර්තා වන්නේ.

මෙම මරණ දණ්ඩනය හිමි වූ විටම චූදිත පාර්ශ්වයෙන් ඇපෑලක් ඉදිරිපත් කෙරුණු අතර; එම ඇපෑළ ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කිරීමට කටයුතු කළා.

එම අභියාචනයෙන් චූදිත පාර්ශ්වය ඉල්ලා සිටියේ මරණ දණ්ඩනයෙන් තමන් ඇතුළු පිරිස නිදහස් කරන ලෙසයි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදුන් අතර මරණීය දණ්ඩනය තහවුරු කරන ලද විත්තිකරුවන් අතර උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරු තුන්දෙනෙකු ද සිටිනවා.

එමෙන්ම මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් බරපතළ වැඩසහිත වසර 04ක සිරදඬුවම් ද නියම කර තිබෙනවා.

ඊට අමතරව වාස් ගුණවර්ධන මහතාට රුපියල් 20,000ක දඩයක් ද ගෙවීමටයි විනිසුරුවරයා නියම කර ඇත්තේ.

පැහැරගෙන යාම, අයුතු ලෙස සිරකර තැබීම සහ සුළු තුවාල කිරීමේ චෝදනාවන් 4කට වරදකරුවන් කරනු ලැබූ වාස් ගුණවර්ධන මහතාගේ පුත් රවිඳු ගුණවර්ධන සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ සේවය කළ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වසර 16ක් බැගින් බරපතළ වැඩසහිත සිරදඬුවම් ද නියම වී තිබෙනවා.

එම සිරදඬුවම් වසර 04කින් ගෙවා අවසන් විය යුතු බවත් එම නියෝගයේ දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

එම විත්තිකරුවන් තිදෙනාට රුපියල් 82,000ක් බැගින් දඩ මුදල් ද නියම කෙරුණු අතර; ඒ, 2009 වසරේ මාලඹේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ නිපුණ රාමනායක නමැති තරුණයෙකු පැහැරගෙන ගොස් කොළඹ අපරාධ කොට්ඨාසයේ අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාවට වරදකරුවන් වීම හේතුවෙන්.

මෙම සිද්ධියට අදාළව ව්‍යාජ සටහන් යෙදීම සම්බන්ධයෙන් වරදකරු කෙරුණු කොළඹ අපරාධ කොට්ඨාසයේ සේවය කළ ලලිත් ශාන්ත විතාන නමැත්තාට බරපතළ වැඩ සහිත වසර 08ක සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම සිරදඬුවම වසර 04 කින් ගෙවා අවසන් කළ යුතු බවත් නියෝග කළා.

ඊට අමතරව එම විත්තිකරුට රුපියල් 40,000 ක දඩයක් ද ගෙවිය යුතු බවටයි නියෝග කර ඇත්තේ.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම්කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ වන ශාමලී ප්‍රියදර්ශනී පෙරේරා සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට ද අධිකරණය විසින් තීන්දු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21