spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වාරික නොගෙවූ ලොරි රථය ලීසිං එකෙන් උස්සද්දී හිමිකරු මරුට

ලීසිං ආයතනයේ කළමණාකරු ඇතුළු දෙදෙනෙකු වත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වාරික ගෙවීම පැහැර හැර තිබූ ලොරියක් බලහත්කාරයෙන් රැගෙන යන අතරවාරයේ එහි හිමිකරු අබිරහස් ලෙස මරණයට පත්වීමේ සිද්ධියකට අදාළවයි

පෙරේදා (18 ) අලුයම් කාලයේදී වත්තේගම මීගම්මන වත්තේ පිහිටි නිවසක් අසල තිබූ ලොරි රථයක් මෙලෙස රැගෙන ගොස් තිබේ.

රථයේ හිමිකරු වත්තේගම මීගම්මන වත්ත ප්‍රදේශයේ පදිංචි ජාලිය කුමාර පරාක්‍රම නමැති 35 හැවිරිදි අවිවාහකයෙකු වන අතර ඔහු බ්ලොක් ගල් වැඩපළක් පවත්වාගෙන ගිය අයෙකි. මෙයට වාරික ගණනාවක් ගෙවා නැති බවයි වාර්තා වන්නේ.ලීසිං ආයතනයේ නියෝජිතයන් පැමිණ නිවස අසල මාර්ගයේ නවතා තිබූ ලොරිය රැගෙන යාමට උත්සහා දරා ඇති බවත් එහිදී එම ස්ථානයට දිව ආ රථයේ හිමිකරු ලීසිං නියෝජිතයන්ට විරෝධය දක්වමින් රථය ගෙන යාමට ඉඩ ලබා දී නැත. ලොරිය රැගෙන යන අතරතුර එහි පිටුපස එල්ලී ගොස් ඇති බවත් ඒ වාහනය රැගෙන යාමට පැමිණි පිරිසගෙන් පහරකෑමකටද ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?