වාර්තා පොත් අලුත් කළ මෙසී ආර්ජන්ටිනාව සුපිරි 08 දෙනා අතරට රැගෙන යයි

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 16 වටය ආරම්භ කරමින් තියුණු තරග දෙකක් ඊයේ (03) රාත්‍රියේ පැවැත් වුණා.

එහි පළමු තරගය ඇමරිකාව සහ නෙදර්ලන්තය අතර පැවති අතර එම තරගය ප්‍රබල නොදර්ලන්ත්ය ජය ගත්තේ ගෝල තුනට එකක් වශයෙන්.

ඒ, අනුව නෙදර්ලන්තය හමුවේ පරාජය වූ ඇමරිකානුවන්ට මෙවර පාපන්දු ලෝක කුසලානයෙන් ඉවතට විසිවීමට සිදුවුණා.

සුපිරි 16 වටයේ දෙවන තරගය පැවැත් වුණේ ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතරයි.

මෙම තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර, ඕස්ට්‍රේලියාව මෙවර ලෝක කුසලානයෙන් ඉවතට ඇද දමමින් ලියනල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා සුපිරි 08 දෙනාගේ වටයේ ඉඩ වෙන්කර ගත්තා.

මෙම තරගය ආර්ජන්ටිනාව ජය ගත්තේ ගෝල දෙකට එකක් වශයෙන්.

ආර්ජන්ටිනාව වෙනුවෙන් නායක ලියනල් මෙසී සහ ජූලියන් අල්වාරෙස් ගෝල වාර්තා කිරීමට සමත් වූ අතර ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය එන්සෝ ෆර්නැන්ඩස් විසින් ලබා ගත්තා.

මෙහිදී ලියනල් මෙසී වාර්තා කළ ගෝලයත් සමඟ ලෝක කුසලාන තරඟවලදී ආර්ජන්ටිනාව වෙනුවෙන් වැඩිම ගෝල රැස්කළ දෙවන ක්‍රීඩකයා බවට පත් වුණේ හිටපු සුපිරි ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනා පසුකර යමින්.

ඒ, අනුව මෙසී මේ වනවිට ලෝක කුසලාන තරඟවලදී ආර්ජන්ටිනාව වෙනුවෙන් ගෝල 09ක් රැස්කරගෙන ඇති අතර ඩියාගෝ මැරඩෝනා රැස්කර ඇති ගෝල සංඛ්‍යාව 08ක්.

ආර්ජන්ටිනාව වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලි තුළ දී වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩකයා වන්නේ හිටපු ක්‍රීඩක Gabriel Batistuta වීම විශේෂත්වක්.

මේ අතර ආර්ජන්ටිනා නායක ලියනල් මෙසී ඊයේ දිනයේ තවත් වාර්තාවක් අලුත් කිරිමට සමත් වුණා.

ඒ, ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු තරග 1000කට ක්‍රීඩා කරමින්.

ඔහු ක්‍රීඩා කර ඇති එම තරග දහස තුළ ගෝල 789ක් වාර්තා කර ඇති අතර, ඊට තරගයක් තුළ ගෝල තුන බැඟින් රැස්කළ අවස්ථා 54ක් ද ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
50
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සුළු පක්ෂවලට සලකන්න බෑ..සහයෝගය දුන්නට ආණ්ඩුවට ගන්නේ නෑ
03:01
Video thumbnail
හිටපු පොලිස්පතිගේ සිද්ධියේ සුලමුළ හොයන්න DIGත් එයි - මෙන්න දැන් ලැබුණු නවතම දර්ශන
01:46
Video thumbnail
ආණ්ඩුවට ජනප්‍රසාදය වැඩිවෙනකොට විපක්ෂය දැන් දෙදරුම් කනවා - සජිත්ට යන එන මං නැතිවෙයිද ?
01:35
Video thumbnail
අම්මා තාත්තගේ අහුවුණත් වුණත්..ආයේ Chance එකක් නෑ - PHI නිලධාරින් සැර වෙයි
06:23
Video thumbnail
අපිට ලැජ්ජයි..ඔයාලා තමයි රටේ සා#පය - මෙහෙම ගියොත් රට බංකොළොත් වෙනවා
09:15
Video thumbnail
හිටපු පොලිස්පතිගේ සිද්ධියේ පරීක්ෂණ කටයුතු වෙන අයුරු - තවත් පොලිස් නිලධාරින් පැමිණෙයි
01:45
Video thumbnail
සී.ඩී වික්‍රමරත්නගේ දේහය කොළඹ නැගෙනහිර මූලික රෝහලට - මෙන්න නිවසේ නවතම දර්ශන
01:46
Video thumbnail
BREAKING පිස්ටල් එකත් බිම.. එළියේ තමයි වෙලා තියෙන්නේ.. සිද්ධිය වූ තැන නවතම දර්ශන පෙළ මෙන්න
00:28
Video thumbnail
වෙ# ත#බාගත් හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන
01:18
Video thumbnail
නවගමුවේ වෙ# වැදුණු තරුණයා එළොව යයි
01:21