ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.
උතුරු නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසිත් සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ද ඇතිවීමේ හැකියාවක් පවතිනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා













