වාද්දූව, මොල්ලිගොඩ ගාලුපාරේ පිහිටි වෙළඳසැලක සේවිකාවකගේ ගෙළබැඳි රන්මාලය අද (21) උදෑසන කල්ල කා පළාගොස් තිබෙනවා.
යතුරුපදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම කොල්ලකෑම සිදුකර පලාගොස් ඇති බවයි වාර්තා වුණේ.
අදාළ සේවිකාව අද (21) උදෑසන වෙළඳසැල ඉදිරිපිට පිරිසිදු කරමින් සිටිය දී කොල්ලකරුවන් දෙදෙනෙක් යතුරුපැදියකින් පැමිණ පසුපැදිකරු ඉන් බැස තරුණිය අසළට පැමිණ එකවරම ගෙළේ තිබූ රන් මාලය කඩාගෙන පලාගොස් තිබෙනවා.
කොල්ලකරුවන් දෙදෙනා යතුරුපැදියේ නැඟී වාද්දූව දෙසට පළාගොස් ඇති බවයි අනාවරණය වුණේ.
මොවුන් මෙම කොල්ලකෑම සිදුකර ආකාරය වෙළඳසැලේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල ද සටහන්ව තිබුණා.













