ව්‍යාපෘති රැසක් ගැන සමාලෝචනය කර අවසන් කරමින් ජයිශංකර් පිටත්ව යයි (වීඩියෝ)

මෙරට නිල සංචාරය නිමවා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් මහතා ඊයේ (20) පස්වරුවේ යළි දිවයිනෙන් පිටත්ව ගියා.

පස්වරු 6.40ට පමණ ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් විදේශ කටයුතු අමාත්‍යවරයා නවදිල්ලිය බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන්තොටුපල කාර්ය භාර කළමනාකරු පැවසුවා.

නිල සංචාරය අතරතුර දෙරට අතර පැවති ද්වි පාර්ශ්වික සාකච්ඡාවල දී ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට අවධානය යොමු වී තිබෙනවා.

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡා ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුණා.

බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක ඒකාබද්ධ ව්‍යාපෘති කඩිනම් කර ජනතාවට එහි ප්‍රතිලාභ උදාකරදීම පිළිබඳ ව එහිදී අවධානය යොමු වී තිබෙනවා.

බලශක්ති සම්බන්ධතාව සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධනය, LNG සැපයුම, දෙරට අතර ඉදි කිරීමට යෝජිත ඛනිජතෙල් නළ මාර්ගය සහ තෙල් හා ගෑස් ගවේෂණ ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමුවූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළා.

සාම්පූර් සූර්ය විදුලි බලාගාරයේ ඉදිකිරීම් 2024 ජුලි මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව ද මෙහිදී අනාවරණය කෙරුණා.

ශ්‍රී ලංකාවේ දියර කිරි කර්මාන්තය නගා සිටුවීම සඳහා ඉන්දීය රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක කර තිබෙන ව්‍යාපෘති කාර්යක්ෂම කිරීම සහ පොහොර නිෂ්පාදනයට අදාළ ව්‍යාපෘති කෙරෙහි ද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.

ත්‍රිකුණාමලය සංවර්ධනය සහ කන්කසන්තුරෙයි වරාය පුළුල් කිරීම වෙනුවෙන් ඉන්දීය රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳව ද සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එසේම ඉන්දීය රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක යාපනය ගුවන්තොටුපොළ සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සහ මෙරට ඩිජිටල්කරණයේ මූලික පියවර ලෙස ක්‍රියාත්මක ශ්‍රී ලංකාවට අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය කඩිනම් කිරීම පිළිබඳව ද සාකච්ඡා වී තිබෙනවා.

මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ සහ සමගි ජන සංධානයේ මන්ත්‍රී කණ්ඩායමක් අතර හමුවක් ද පැවැත්වුණා.

සමගි ජන බලවේග රජයක් තුළ ද ඉන්දියාව සමඟ ඇති අන්තර් සම්බන්ධතාව නොවෙනස්ව පවත්වාගෙන යන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී පවසා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ නිවාස ව්‍යාපෘති සඳහා මෙන්ම සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා ඉන්දීය රජයෙන් ලැබුණු දායකත්වය කිසිදා අමතක නොකරන බව ද විපක්ෂ නායකවරයා මෙහි දී පැවසූ බව විපක්ෂ නායක කාර්යාලය නිවේදනය කළා.

සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂයේ සිට දෙරට අතර ද්විපාර්ශ්වීය සම්බන්ධතා ඇති කර ගැනීමට දැක්වූ දායකත්වය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතිශය සතුටට පත්වන බවයි එස්. ජයිශංකර් මෙහිදී පවසා ඇත්තේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නොවෙනස් ද්විපාර්ශ්වීය සම්බන්ධතාවකට සහ මේ මිතුදම තවදුරටත් වර්ධනය කිරීමට මෝදි අග්‍රාමාත්‍යවරයා අපේක්ෂාවෙන් සිටින බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා තිබෙනවා.

මේ අතර දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින් සහ නියෝජිතයන් සමග ද සාකච්ඡාවක නිරත වුණා.

එම හමුව පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයාගේ නිල නිවසේ දී.

එම්. ඒ. සුමන්තිරන්, සී.වී. විග්නේෂ්වරන්, ශානක්‍යන් රාසමානික්කම්, මාවෙයි සේනාධිරාජා, ⁣සෙල්වම් අඩෛකලනාදන්, වැනි උතු⁣රේ දේශපාලන පක්ෂ නායකයින් මෙන්ම කඳුරට ජනතාව නියෝජනය කරන වඩිවේල් සුරේෂ්, සෙන්දිල් තොණ්ඩමන්, ජීවන් තොණ්ඩමන්, වී රාධක්‍රිෂ්ණන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21