ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කිරීමට පියවර ගන්නා බව ජනපති පවසයි

මෙරට ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ණය පමා කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහන සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මේ පිළිබඳ ඉදිරි පියවර ගන්නා ලෙස තමා මහ බැංකු අධිපතිවරයාට දැනුම් දුන් බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කිංග්ස්බරි හෝටලයේ ඊයේ (11) පස්වරුවේ පැවති කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ, කාන්තා ව්‍යවසායකයින් ඇගයීමේ “ප්‍රතිභා අභිෂේක 2022” උත්සවය අමතමින්.

පළාත්, ජාතික, සාක් කලාපීය සහ විශේෂ ලෙස කොටස් හතරක් යටතේ මෙහිදී සම්මාන ප්‍රදානය කෙරුණු අතර, ජාතික මට්ටමේ සහ විශේෂ සම්මාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් පිළිගැන් වුණා.

රටක් ලෙස අප මුහුණ දී සිටින්නේ ඉතා තීරණාත්මක අවස්ථාවකට වුවද එම අභියෝග ජය ගනිමින් රටේ ආර්ථිකය නිවැරදි දිශාවකට ගෙන ඒමේ මාවත මෙම වසරේ අපට විවෘත වී ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ මේවන විට පවත්වන සාකච්ඡා සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇති බව පැවසු ජනාධිපතිවරයා ඒ අනුව ඉදිරියේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගත හැකි බවත්, අනතුරව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව යන ආයතවලින්ද ණය මුදල් හිමිවනු ඇති බවයි කියාසිටියේ.

එමෙන්ම ලාබ නොලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කෙරෙහි ද රජය අවධානය යොමු කර තිබෙන අතර මෙම සියලු පියවර ගෙන ඇත්තේ රට තුළ ආර්ථික ස්ථාවරයක් ගොඩනැඟීම වෙනුවෙන් බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

ස්ථාවර ආර්ථිකයක් තුළ නව ව්‍යාපාරික අවස්ථා උදාකර ගනිමින් ලෝකය සමග තරඟ කළ හැකි දියුණු ආර්ථිකයක් ඇති රටක් ගොඩනැගීමට සියලුදෙනා එක්ව කැපවීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46