ව්‍යාජ මුදල් ලක්‍ෂ 35 ක මුද්‍රණයක් (ඡායාරූප)

රුපියල් ලක්‍ෂ 35 ක ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ මුලතිවි කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 700 ක් (රුපියල් ලක්‍ෂ 35) සමග එලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයෙක්.

ඔහු මුදල් මුද්‍රණයට යොදාගත් මුද්‍රණ යන්ත්‍රයක් ඇතුළු උපකරණ කිහිපයක්ද පොලිසිය භාරයට ගැනුණා.

පොලිසිය පවසන්නේ සැකකරු සතුව තිබී කඩුවක්ද සොයා ගත් බවයි.

WhatsApp Image 2023 03 10 at 07.38.51
WhatsApp Image 2023 03 10 at 07.32.07 1
WhatsApp Image 2023 03 10 at 07.32.07