spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට අතිරේක සාමාජිකයින් නම්කෙරේ

ශ්‍රී ලංකා බැප්ටිස්ට් සංගමය (සංස්ථාගත කිරී‌මේ – සංශෝධන) පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස අංක 113 (2) ස්ථාවර නියෝගය යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට පහත සඳහන් වන මන්ත්‍රීන් අතිරේක සාමාජිකයන් වශයෙන් තමන් විසින් නම් කරන ලද බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (17) පාර්ලිමේන්තුවට නිවේදනය කළා.

ඒ අද පාර්ලිමේන්තුවේ අයවැය දෙවැනි වර කියවීමේ සිව්වැනි දිනයේ විවාදයට එක්වෙමින්.

ඒ අනුව විදුර වික්‍රමනායක, අරුන්දික ප්‍රනාන්දු, සනත් නිශාන්ත, සෙය්යිඩ් සාහීර් මවුලානා, බුද්ධික පතිරණ , නිමල් ලාන්සා, හෙක්ටර් අප්පුහාමි, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් උක්ත පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා පත්කොට තිබෙනවා.

මේ අතර; වරුණ ලියනගේ වෙනුවට සෙය්යිඩ් අලී සාහීර් මවුලානා පත් කිරීම පිළිබඳ ව ද කතානායකවරයා යම් සඳහනක් කළා.

ඒ වරුණ ලියනගේ සිය ධුරයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් හා ඒ වෙනුවෙන් පුරප්පාඩු වූ ධුරය වෙනුවෙන් නවකයෙක් පත් කිරීම සම්බන්ධවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 106 හි විධිවිධාන අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙය්යිඩ් අලී සාහීර් මවුලානා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව ද කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?